(අංජුල මහික වීරරත්න)
ආහාර බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
වනසතුන් විසින් විනාශ කිරීම නිසා මෙරට බෝග හානිය සියයට 30-40 දක්වා වර්ධනය වී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශයට කරුණු වාර්තා කර තිබේ.
එම නිසා වනසතුන් විසින් සිදු කරන බෝග හානිය වළක්වාලීම සඳහා උචිත වැඩ පිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගම්පහ ඉඹුල්ගොඩ. ඉත්තෑවන් වසංගතය නිසා කිසිම වගාවක් කරන්න බෑ. පොල් පැලයේ සිට මඤ්ඤොක්කා එළවලු කිසිම දෙයක් බේරාගන්න බෑ. ලඟදි වඳුරු උවදුරත් පටන්ගත්තා. මේවා මෑතකදී ඇතිවූ ප්‍රශ්න. යහපත් පාලනයක් උවමනායි
ඉතාම කාලෝචිත තීරණයක්. මේ වනවිට වඳුරන් රිලවුන්, වල් ඌරන්, ඉත්තෑවන්, මීයන්, මොණරුන්, අලින් ආදී සතුන් ගම්මාන පුරා දිවා රාත්‍රී සැරිසරමින් පොල්, පළතුරු, අල, බතල, වී එළවලු ආදී මෙකී නොකී සියලුම වගාවන් වලට හාන් කරමින් සිටියි. මෙම සතුන්ගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම පිළිබද කිසිදු විවේචනයක් නැත. මොවුන් විසින් නිකරුනේ විනාශ කරන අස්වැන්න නිවැරදිව ආරක්ෂා කරගතහොත් එම සතුන්ට මෙන්ම මිනිසාටද පරිහෝජනය කළ හැක. විධමත්ව රජයේ මැදිහත් වීමක් තුලින් සතුන්ගේ ආරක්ෂාව මෙන්ම අස්වැන්නේ ආරක්ෂාව සලසා ගත හැකි බව නිරීක්ෂණය කරමි.
මතක නැතිව ඇති නේද? පසුගිය කාලයේ බත බුලතින් සරු කෙනෙක් කාලයේ අලින්ට අගල් කපනවා කියලා ගස් ටිකයි පස් ටිකයි විකුණපු හැටි. ඊට අමතරව තම ගෝල බාලයින්ට ඉඩම් කට්ටි කරලා දුන්නු හැටි. ආයෙත් ලැහැස්ති වෙන්න මුලු කැලයම කපලා දාන්න
මහනුවර නගරය තුල හිටපු රිලව් ටික අල්ලලා ගිහින් කුණ්ඩසාල තෙල්දෙනිය වැනි පැතිවලට ගිහින් දැම්ම නිසා උඩිස්පත්තුව මැණික්හින්න, දිගන, කුණ්ඩසාලේ, නාරම්පනාව, පිලවල පැතිවල බහුතර බෝග හානියක් සිදුවෙනවා .කොටින්ම දැන් මිනිස්සු වගාවට යොමු නොවනා තත්වයකට පත්වෙලා ඊට අමතරව මේ ළඟකදී ඉඳලා මොනරුත් එන්න පටන් අරගෙන, මී මින්නන් , වල් ඌරන් නිසා වන බෝග හානියද අධිකයි. මිනිස්සු මී මින්නන්, වල් ඌරු ඝාතනය නොකරයි.සාදික්කා,පොල්, කරාඹු නැටි , මිරිස්, කෙසෙල් ආදී වගාවන් බහුතරය මේ නිසා විනාශ වෙමින් පවතිනවා මේ නිසා මේ සත්තුන්ට ඉන්න පුළුවන් කැලෑ පරිසර වෙන් කරලා එම සතුන් ඒ පැති වලට ගිහින් දමන්න.
සතා සිව්පාවන්ටත් වැඩේ දෙන්ඩයි යන්නෙ..කැලවල් හෙලිකරල වගා කරන එක නවත්තන්ඩ.