(සුමිත් පොතුපිටිය)
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ලවී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සොත්ති උපාලිගේ පුතා නිදොස් කොට නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා අද (08) නියම කළේය.
මොරටුව තුඩුවන්මුල්ල ප්‍රදේශයේ පදිංචි අරඹගේ දොන් ප්‍රසන්න ලක්ෂිත නමැති 45 හැව්රිදි පුද්ගලයකු මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි.
නිදොස් කොට නිදහස් කෙරුණු සැකකරු, හිටපු පාතාල කල්ලි නායක ගොඩ් ෆාදර් හෙවත් සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයා බවද අනාවරණයවේ.
පැමිණිල්ල වෙනුවෙන් සාක්කිෙකරුවන් දහතුන් දෙෙකු කැදවා තිබූ නමුත්, පළමු සාක්කිකරු වන පොලිස් පරීක්ෂක සමන් පත්මලාල් මහතගේ සාක්කිය විමසීමෙන් පසුව විනිසුරවරයා නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ ගජරාමෙට ඒ වැඩේ කරගෙන යන්න. මීට පස්සෙ අහුවුණත් ඔච්චර තමයි. ඉතිං රටක් හැදෙයිද?
මේ ප්‍රවෘතියෙන් ඔබට තෙරෙන්නෙ මොකක්ද? කුසු සහ ගිනි අවියක් තියාගත්ත පුද්ගලයෙක් නිකන්ම නිදොස් කොට නිදහස් කරල වගෙ නෙද? මෙක උසවියට අපහාස කරන විඩියෙ ප්‍රවෘතියක්. නැත්නම් විනිසුරුවරයව ප්‍රශ්න කල යුතුයි.