
(අංජුල මහික වීරරත්න)
සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනතාවගේ අදහස් ලබා ගනිමින් ජනතා අවශ්‍යතාවය මත පමණක් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන බවද රණතුංග මහතා කීය.
ඒ අනුව සෑම ගම්මානයක්ම සංවර්ධනය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී “කදුකර දශකය” සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගී වෙමින්. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම රැස්වීම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විහිළුව හැමදාම කරනවා... ඒ වුණාට කියන අයට ලැජ්ජා නැති නිසාත් අහගෙන ඉන්න අයට ලැජ්ජා නැති නිසාත් අවුලක් නැහැ වගේ ඉන්නවා...
කාංචන ගොයියා ලයිට් කැපුවාද දන්නේ නෑ... AC ටික ඔන් කරගන්න බැරි වෙන්න, අර ස්ටේෂමේ කැපුවා වාගේ...
ඔව් ඔව් මැතිවරණෙට තව මාස 6යි නේ තියෙන්නේ. හරක් විකුණලා ගොඩක් කල්. ඔය ඡන්ද ගුණ්ඩුවලට අහුවුණු කාලේ ඉවරයි...
මැතිවරණය කිට්ටුවෙද්දී මරු කියවන එක සාමාන්‍යයි. ඔය ලෙඩේ මේ පාර නිට්ටාවටම හොඳ කරලා දෙනවා.
කප්පන් ගන්නේ නෑ කියලා නෑ නොවැ...!
දැන් ඉඳන් ඉන්නේ. පෝරනුවේද? වැසිකිලි යන්නෙත් අලි පැටව්... වෙව්ලමින් ඔය සුදු රෙද්ද ගලවලා. රනින් ශෝට් ගහලා වරෙල්ලා. එතකොට දන්නවා. ඉන්නේ පෝරනුවේ කියලා දැන් හරියට වැඩ. ගොබ්බයෝ ඡන්දේ ලන්වෙන කොට මේදා සැරේ භයානකයි. දේවාලේ කපුවෝ වගේ ආවේසවෙලා සේරමලා දන්දෙනවා. ආවතේව කරන අය කඩියෝ වගේ බලන් ඉන්නකෝ. ජනතාව මෝඩ නැහැ.. අන්දන්නත් බැහැ මේදා සැරේ... ඔබලා හොරා කාපුවා වමාරන්න ළඟයි.. දැන් ඔය වැටෙන්නේ ඉක්කා...