(යොහාන් භාසුර)

එළඹෙන සති අන්තයේ (26 සහ 27) පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (25) පැවසීය.

ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කිරීමට සිදුවීමෙන් මෙසේ විදුලි කප්පාදුව පැය දෙකක් දක්වා දීර්ඝ කර තිබේ.