(ඩයනා උදයංගනී)
මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ නල පද්ධතියේ සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ලබන සෙනසුරාදා (7) රාත්‍රී 10.00 සිට ඉරිදා (8) පස්වරු 4.00 දක්වා පැය 18ක කාලයකට අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලබන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd