(නිමල කොඩිතුවක්කු)
සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුලට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(4) ප්‍රශ්න කළේය.
මනුෂ්‍යත්වයේ නාමයෙන් රට ගැන සිතා එකට එක්ව කටයුතු කළ පිරිස් අන්තනෝමතික ලෙස දේශපාලන දඩයමේ යෙදීම හෙළා දකින බවත්, මෙම රාජ්‍ය ත්‍රස්තවාදය වහාම නතර කරන ලෙසත් විපක්ෂ නායකතුමා ඉල්ලීමක් කළේය.
මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට කොළඹ කොටුව පොලීසිය වෙත ගිය අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වන්නට පෙරාතුව මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ජෝසප් ස්ටාලින් මහතා ගැන කළ ප්‍රකාශය සිහිපත් කළ විපක්ෂ නායකවරයා එදා ඔහු අත්අඩංගුවට ගන්නා විට ජී එස් පී සහනය අහිමිවන්නට පුළුවන් යැයි කීවා නම් අද එසේ නොවන්නේ දැයි ප්‍රශ්න කර සිටියේය.
ප්‍රශ්න විසඳිය යුත්තේ බෝම්බයෙන් කඩුවෙන් උණ්ඩයෙන් වැනි ආයුධවලින් නොවන බවත් එය කළ යුත්තේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා වර්තමානය දක්වා ඇදී ආ හිංසන චක්‍රය ආරම්භ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව ද පැවසීය.
වැඩකරන ජනතාව වෙනුවෙන් මෙන්ම ගුරු පරපුර වෙනුවෙන් ද අරගල කළ ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන සිටියදී, මර්දනයේ පිතෘවරයා වන මහින්ද රාජපක්ෂ මහතා සුවසේ කල් ගත කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා පැවසීය.
ඕනෑම පුරවැසියෙකුට තමන් දරන මතය වෙනුවෙන් ඉදිරිපත් වීමටත්, රැස්වීමටත්, සාමකාමීව විරෝධතා දැක්වීමටත්, අයිතියක් ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රචණ්ඩත්වයෙන් තොර ඕනෑම අරගලයකට ඇති අයිතිය කිසිවෙකුටත් උල්ලංඝනය කළ නොහැකි බව ද පැවසීය.
ජෝසප් ස්ටාලින් මහතා තමන්ට හිමි අයිතිය රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කළ බවත් එකී අයිතියට විරුද්ධ වන්නට කිසිවෙකුට නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්... වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනවා
මම හැමතිස්සෙම හිතන්නෙ රටම විකුණපු රටේම සල්ලි හොරකම් කර රටම හිඟන තත්ත්වයට පත්කළ දේශපාලුවො හොඳින් එළියෙ නිදහසේ ඉද්දී, අරගලයට යන ජනතාව ඇතුළේ. රනිල් ඔබ අතීතියේ සිදුකළ සෙල්ලම ආයෙ කරන්නද යන්නෙ? පොලිසිය කොන්ද කෙලින් තියාගෙන නීතිය සැමට එකවිදිහට කරන්න.
ඒ කියන්නෙ මේ ජනාධිපති වුණොත් ආයෙත් ස්ටාර්ලින්ට ඉකොල වහලා උද්ඝෝෂණ කරන්න දනවා කියන එකද?
මේ විපක්ෂ නායක කොයිවෙලේ හරි ඇතුළට යයි වගේ...!
ස්ටාලින් කියන පිළිලය හුරතල් කරලා පුතාණෝ ලකුණු දාගන්න හදනවා වෙන්න පුළුවන්... එහෙම ලකුණු දෙයි පුතාණෝ වගේම හිතන එක්තරා කොටසක්... එහෙම අයත් ඉන්නවා නොවැ... අරගල කියන්නේ ස්ටාලින්ලගේ රැකියාව. ඒ වෙනුවෙන් බොහෝ දේ ඔවුන්ට ලැබෙනවා. රටට හෙන ගැහුවත් ඔවුන් සතුටින්..!
නිසි අධ්‍යාපනයක් නොලද පුද්ගලයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?
මෙයා දවස ගානේ කියන ඒවා දැන් පක්ශේ මිනිස්සුත් අහන් නැතිවී ගෙනයන එකේ රට්ටු අහන්න ඕනෑද? මහින්ද රාජපක්ෂ නොවේ.... ජාතික ධනය කොල්ල කාපු, රට විනාශ කරපු හොර සල්ලි ළඟ තියාගෙන අහුවුණු, කුකුල් කූඩු වගේ ගෙවල් ඉවක් බවක් නැතුව හදලා රට පුරා පෝස්ටර් ගහපු අය ගැනත් හොයන්න ඕනෑ. ස්ටාලින් බලන්න ගියා වගේ ගෝල්ෆේස් යන්නත් එපැයි. එතන අරගල කරුවන්ට ඉවත් වෙන්න දින දීපු නිසා. ඒවාට මික් නෑ. වෙන්න අගමැතිම තමා හැමදාම...
මේ මනුස්සයට තියෙන්නෙ රට ගොඩදාන්න උදව් කරන වැඩ නෙවෙයි, වෙන පිස්සු වැඩ. මේයා රටේ ජනාධිපති වුණොත් හිතාගන්න පුළුවන් බොර දියේ මාළු බානවා.
මොනා නමුත් ස්ටාලින්ට නම් නිදහසක් නොලැබෙනවා නම් තමයි හොඳ. අරගලය හොඳයි ප්‍රචණ්ත්වය නැතිව. මේක එහෙමද, මහ විනාශකාරී, රස්තියාදුකාරයින්, වි.විද්‍යවලට ඇතුල් වුණත්, මා පියනට ඒ සඳහා වියහියදම් දැරිය නොහැකි, ළමයි බාගෙන කුලියට ගෙන, ( බොහෝ විට මත් ද්‍රව්‍යද සමග) අරගලවලට උසි ගැන්වීම අප්‍රියජනකයි. විපක්ෂ නායක තුමා පමණක් නොව සෑම අනිකුත් පාක්ෂිකයන්, මේ අරගලයෙන් වූ අලාභ ගැන තකන්නෙත් නෑ, වූයේ විනාශයක් යැයි පිළිගන්නෙත් නැහැ. නමුත් පෙර පිනකට මේ කියන සජිත් මහතාට රට භාරගන්න වුණානම්, මේ වුණු අරගලයට මුහුන දෙන්න වෙන්නෙත් මේ ලෙසටමයි නේද. අරගලකරුවන්ට ඝෝඨා, මහින්ද, රනිල් සේම සජිත් මහතාටත් ඒ ආනිශංසේමයි.
දැන් මෙයාට යන එන මං නැහැ. පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා. පව්. ඊළඟ සැරේ අගමැති නෙවෙයි විපක්ෂ නායකකමත් නැති බව එයා දන්නවා.
අපේ විපක්ෂ නායකතුමෝ රටේ ජනතාව ලක්ෂ හැටනවයක් 2019දී ඡන්දය දීලා ගෝඨාභය ජනාධිපති කළා.2020 මැතිවරණයේදී කිසිදු ආසනයක්වවත්ත්ම නොදිනපු රනිල් වත්මන් ජනාධිපති වුණා. පක්ෂයේ තීරණය මත ඔබේ හිටපු නායක රනිල් මහත්තයා පාර්ලිමේන්තුවේ අසුන් ගත්තා. බලන්න ජනතාව මොන තීරණ ගත්තත් ස්වභාව ධර්මයා සුදුස්සාට සුදුසු තැන දෙනවා. සිංහල අවුරුදු ආසන්න කාලයේ ජනතාව ආහාර, ඉන්ධන හා ගෑස් නැතුව අනන්ත දුක් වින්දා. පෝලිම්වල දවස් ගණන් ගත කළා බැරිමතැන ගෝල්ෆේස් අරගලය පටන් ගත්තා අගමැති, මුදල් ඇමති ජනාධිපති එලවා දැම්මා රනිල් අගමැති වෙලා ක්‍රමයෙන් රට යථාවත් කෙරෙනවා. බලන්න දැන් ගෑස් තියෙනවා ඉන්ධන ප්‍රශ්නය තරමකට විසඳීලා. විදුලිය දීමට ස්වභාව ධර්මයා වැස්ස දීලා ජලවිදුලිය නිපදවෙනවා. අත්‍යාවශ්‍යම භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් පහළ යනවා කියලා පිටකොටුවේ වෙළදුන් කියනවා කියලා අද පුවතක් තිබුණා. දැන් ගොඩක් ප්‍රශ්න විසඳෙන අවස්ථාවේ බොරදියේ මාළු බෑම හොඳයිද මහත්තයෝ.
බුදු අම්මේ..ඒ..ඒ්.. මෙහෙමත් දිව වල් 2ක් නෙමේ දවසින් දෙකින් වෙනස් වන දිව වල් තියෙන 225ක් මේ සක්වලේම නැතිව ඇති.
I am extremely sorry for some comments as they don't know the true story of ruler; Ranjan Ramanayaka's simple definition of rulers still applicable to those rulers. During 'Yahapalana' govt thery appointed a Presidential Commission in regard to corruption of Mahinda Rajapaksa of his ruling period of 2005-2014 The report was hidden by Ranil/Mahinda duo. Can anyone challenge the proverb Ranjan? Can Ranil bring background Mahendran from Singapore ? Ranil ruled as PM 7yrs
දැන් ස්ටර්ලින්ගෙයි හැම ගුරුවරයෙකුගේම ඡන්දය විපක්ෂ නායකට. අනිවාර්යයයෙන්ම මීළඟ ජනපති වෙනවා අර්යාවන් 3ක් එක්ක. කලබල ඇතිවෙනවටත් කැමතියි, එතකොට ප්‍රශ්න විසඳලා ජනතාවගේ බඩගින්න නිවන ක්‍රම අවහිර වෙනවනේ. ඊට පස්සේ අරගලේ පිටින් ජය.
එක වල්ලේ පොල්... රට ගිනිතියන මිනිස්සු...
සජිත් මහත්තයා දැන් කාගේ හරි පිහිට බලාපොරොත්තුවෙන් තමයි ස්ටාලින් බලන්න යන්න ඇත්තේ...!
ඉස්ටාලින් තම්බන්න ඔය ලුණු ගොරකා මදි. හැබැයි තාත්තාට පුළුවන් කම තිබුනා. එහෙනම් මේවෙනකොට ඉස්ටාලින් ඉතිහාසයේ.