IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සීටීබී ලොක්කෙක් කරපු වැඩක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරියකු තමන්ගේ පෞද්ගලික වාහනය එම මණ්ඩලයට ලබාදී රුපියල් ලක්ෂ 11ක මාසික  කුලියක් ලබාගෙන ඇතැයි ජාතක විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම කුලී මුදල ලබාගෙන ඇතැයි පැවසෙන්නේ 2020 ජනවාරි 22 වැනිදා සිට 2022 මැයි මස 31 වැනිදා දක්වා යැයි එම වාර්තාවේ දැක්වේ.

මෙම නිලධාරියාගේ වාහනය වාහන කුලියට ලබා දෙන ආයතනයක් හරහා මණ්ඩලයට ලබාදී ඇතැයි කියති.

ඩිපෝ අධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් භාවිත කරන වාහනවලට 2022 වර්ෂයේදී සීමාව ඉක්මවා ඉන්ධන ලබා ගෙන ඇති බවත් ඒ සඳහා වැය කර ඇති මුදල ලක්ෂ විසි හතකට වැඩි බවත් වාර්තාව පවසයි.

මේ අතර පසුගිය 2022 මැයි මස 9 වැනිදා  සිදුවූ කලබලකාරී සිද්ධියේදී හානියට පත්  වාහනවල වටිනාකමවූ දෙකෝටි විසිඑක් ලක්ෂයක මුදල  සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබූ බව විගණන  වාර්තාවේ සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  ප්‍රධාන කාර්යාලයේ ඇඟිලි සලකුණු යන්ත්‍ර අලුත් වැඩියා කිරීම සඳහා 2022 වර්ෂයේදී රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය කර ඇතත් ඒවා  ක්‍රියාත්මක තත්වයට පත්කර නොතිබූ බව විගණන අංශ පවසයි.

වවුනියාව කොළඹ දක්වා ගමන් භාර අටක් පොදුවේ දක්වා ගමන් වාර දෙකක් සහ වවුනියාව සිට මහනුවර දක්වා ගමන් වාර දෙකක් සඳහා බස් රථ ධාවනයට  එක් නොකිරීම හේතුවෙන් 2022 වර්ෂයේදී රුපියල් කෝටි පනස් හතකට වැඩි ආදායමක් අහිමිවී  තිබූ බව  පවසන විගණන වාර්තාව  වායු විමෝචන මධ්‍යස්ථාන නවය සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි වෙනත් කාර්යයන් සඳහා භාවිතා කිරීමෙන් ඒ සඳහා වැය කර ඇති රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් අපගේ ගොස් ඇති බව සඳහන් කරයි.

වායු විමෝචන භාරකාර අරමුදල  එම  මධ්‍යස්ථානවල ලබාදී  ඇති  රුපියල් කෝටි දෙකකට වැඩි  වටිනා උපකරණ දිරාපත් වෙමින් පවතින බවද  විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත්   කරනු ලැබ ඇති විගණන වාර්තාවේය



අදහස් (3)

සීටීබී ලොක්කෙක් කරපු වැඩක්

Prabha Wednesday, 10 April 2024 04:27 PM

ඒක ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ... ඔයිට වඩා හොඳටම කරන්නේ විදුලි බල මණ්ඩලේ...

:       0       24

Rata Perata Wednesday, 10 April 2024 05:40 PM

දේශපාලකයෝත් එක්ක එකතු වෙලා නිලධාරීන් හොරාකනවා. ඕක තමයි ඇත්ත. ඕනම රජයේ ආයතනයක සුළු සේවකයන්ගෙන් ඇහුවොත් කියාවි.

:       0       0

පැරකුම් Thursday, 11 April 2024 05:09 AM

අපරාදෙ ජනතා බදුමුදල් තවදුරටත් නාස්ති කරල මේව එලිකරාට කවද්ද වැඩක් උනේ. කාටද කවද්ද දඩුවම් කලේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site