ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලා නැතැයි ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ, ඉරානය සටන් විරාමයක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා පැවැත්වූයේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි.

‘ඉරානය සටක් විරාමයක් ඉල්ලුවා. ඒත් ඉරාකය සමග ගනුදෙනුවකට යන්න මා සූදානම් නැහැ.’ යැයි ට්‍රම්ප් එම අවස්ථාවේදී වැඩිදුරටත් පවසා තිබුණි. 

ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඉරානය කිසිම අවස්ථාවක අවි බිම තැබීමක් නොකරන බවත්, ඉරානය ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්ය.