
( තිලකරත්න දිසානායක)
මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය කටයුතුවල නිරතවීමට නොහැකි සිසු දරුවන් පාසල් වෙත ගෙන්වා ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා පවසයි.
ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් 86 ක මෙම ක්‍රමය අද (5) සිට ආරම්භ කළ මෙම වැඩසටහන ඉතා සාර්තක බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
කොරෝනා රෝග තත්ත්වය මත මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපන ලබාදීමේදී නිවාසවල පහසුකම් නොමැති සහ සංඥා නොමැති ප්‍රදේශයන්හි සිසු දරුවන් හදුනා ගනිමින් පන්තියකට සිසු සිසුවියන් 5 - 15 අතර සංඛ්‍යාවක් සහභාගිකරවා ගනිමින් වැඩපිළිවෙල සිදු කෙරෙන බවද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක බවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව සියලු කටයුතු සිදු කෙරෙන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.
ගම්පහ ප්‍රදේශයේ පාසල්වල මෙම කටයුතු සිදු කෙරෙන ආකාරය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍යවරුන් විසින් පාසල් වෙත යමින් නිරීක්ෂණය කළ ආකාරයක් දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි විසඳුම්, හදවතින්ම සතුටුයි. ගස්, ගල් වල නැග නැග ඉගෙන ගන්නේ නැතිව මේ වගේ වැඩ සටහන් කරන්න කලාප කාර්යාල දැනුවත් කරන්න. මෙම වැඩ පිළිවෙළ දිගටම කරගෙන යන්න.
ඔය ක්‍රමය තමයි රටට ගැලපෙන ක්‍රමය