
(මනෝප්‍රිය ගුණසේකර)
සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්වරයා ලබන 07 වනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙඩික්කරු අධිකරණය අසළට ගෙනැවිත් ඇරලවු බව කියන රියදුරා තවදුරටත රද්‍වාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (21) අවසර දුන්නාය.
විවෘත අධිකරණය තුළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටිදීම අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන සිදධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
අධිකරණය තුළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටිදීම ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි සැකකරු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියේ සිව්වැනි සැකකරු ලෙස නම් කළ වෙඩික්කරු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකී්ර්ණයට ප්‍රවාහනය කළ දොන් උදය කුමාර නමැත්තා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මෙලෙස අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදී පොලිස් සේවයට පමණක් නොව, රටේ අනිකුත් ආරක්ෂක සේවාවන්ට අපේක්ෂකයින් බඳවා ගත්තේ අධ්‍යාපන සුදුසුකම් මත පමණක් නොව, ඔවුන්ගේ පවුල් පසුබිම ගැනද සොයා බැලීමෙන් පසුවයි. දෙවනුව සඳහන් කළ කරුණට වර්තමානයේ එතරම් බරක් නොදීම නිසා අද බොහෝවිට මෙවැනි අපරාධ කල්ලි වලට සම්බන්ධ උදවිය රටේ ආරක්ෂක අංශ වලට රිංගා ඇති බවක් පෙනේ...