
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට සහය දැක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක පළාත් පාලන මන්ත්‍රීවරුන් 31දෙනකු අද (30)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 14 දෙනකු ද,දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු සහ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දස දෙනකු මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක් වූ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සමඟ රන්දෙණිය හිරිවඩුන්නේ දී අද මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.
සමගි ජන බලවේගයට සහය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 12 දෙනෙක් ඊයේ (29) එක්සත් ජාතික පක්ෂයට එක්වූ අතර ගම්පොළ නගර සභාවේ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් මීට දෙසතියකට පමණ පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැපුවත් කොළ වෙන්න ඇති. මේ කවුරුවත් දන්නේ නැද්ද බෙදුන තරමට වාසිය අනිත්පැත්තට කියල.
බැංකු කඩන්න කවුද අකැමැති... සල්ලිනේ වටින්නේ...
බල්ලෙකුත් ඉන්නවා... එකතුවෙන පාටක් නැහැ.. ඌ නිදි..!!
බල්ලෙකුත් ගිහින් වගේ සැපට නිදාගෙන අහගෙන ඉන්නවා..
අර කුණු ගොඩේ ඉඳලා මේ කුණු ගොඩට මාරු වෙනවා. ඔය කුණු ගොඩවල් දෙකනේ වසර 70 ක් කරලා මේ පත්වෙච්ච හිඟන තත්වයට වගකියන්න ඕනෑ... දැන් තවත් මොනවද? රටේ ජනතාවට ඕවායින් කිසිම යහපතක් නැහැ. හැමදාමත් වණේ කහ කහ ඉමු. කහනකොට සනීපයිනේ,
ඔය යන්නේ මන්ත්‍රීකම බේරගන්න. ඡන්දෙ කිට්ටු වෙනකොට සමගියට පනීවි. බරපතල හේතුවක් නොමැත් නම්, 3%ක් ගත්ත එජාපයට කවුද සිය කැමැත්තෙන් යන මෝඩයා?