
(නිමල කොඩිතුවක්කු)
පොලිස් නිලධාරීන් හා පොලිසියේ සම්පත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කළේය.
ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරමින් පවත්වන වැඩමුලුවක් සඳහා යැයි පවසමින් ප්‍රජා පොලිස් උපදේශක කමිටු සාමාජිකයින් දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ ප්‍රචාරණ උපක්‍රම ලෙස පවත්වන වැඩසටහන් සඳහා සංවිධානය කරමින් සිටින බව පවසමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය
.දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන මෙම වැඩසටහන් මාලාවේ ඉදිරි වැඩසටහන් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ඉදිරි දින වලදී පැවැත්වීමට නියමිත බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
සමගි ජන බලවේගී මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතාට මේ බව ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කරන්නෙත් ඒකම තමයි. සුහුරු පන්ති කාමර අස්සේ ඉස්කෝල වලට රිංගලා දේශපාලනය කරනවා. මේ ගැනත් බලන්න ඕනෑ..
රාහු කාලය මග හැරලාද දන්නේ නැහැ මෙතුමා පැමිණිල්ල භාර ගත්තේ