(යොහාන් භාසුර)
සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජනබලවේගයෙන් ආණ්ඩුවට සහයෝග දීමට විශාල පිරිසක් අනිවාර්යෙන්ම ආණ්ඩු පක්‍ෂයට එකතු වන බවත් විපක්‍ෂ නායකවරයා රටට සහ දේශපාලනයට එපා වූ පුද්ගලයන් පිම්බීමට උත්සහ කළ ද පිරිසිඳු දේශපාලඥයන් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙමින් සිටින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එසේ පැවසීය.
සමඟි ජනබලවේගයෙන් හොඳ දේශපාලඥයන් යෑම සජිත් ප්‍රේමදාස මහතාට නතර කළ නොහැකි බව කී පියල් නිශාන්ත මහතා රට සහ රටේ ජනතාව පිළිබඳව අවදානය යොමු කරමින් ආදර්ශමත්ව කථා කරන පාඨලි චම්පික රණවක මහතා වැනි වියත් දේශපාලඥයන්ට කථා කිරීමේ අයිතිය නැති කිරීමට ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
මන්ත්‍රීවරු විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම නිසා පාර්ලිමේන්තුව තුළ දැවැන්ත පරිවර්ථනයක් වන බව කී පියල් නිශාන්ත මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ පටු දේශපාලනයට මෙවැනි සිද්ධීන්වලින් විශාල ප්‍රහාරයක් එල්ල වන බවත්ය.
සජිත් ප්‍රේමදාස සහ කිරිඇල්ල වැනි මහත්වරු නැගිටිලා යන විට සෑබෑ පාර්ලිමේන්තු වගකීම ඉටුකරන බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි වී ඔවුන්ගේ යුතුකම ඉටුකරන බවත් විධායක ජනාධිපති ක්‍රමය රටට ගැලපෙන ආකාරයට අවසන් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙරට ජනතාව ඉහළට ඔසන්න විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරන්නේ නම් එහි ගැටලුවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලම් බූරුවගේ වගකීම බාරගත්තු අලුත්ම එක වගේ...
බුරුත්තම එකට තියලා ගෙදර යවන්න පුළුවන්...
හරක් පට්ටිය කොයි ගාලේ හිටියත් එකයි. ඔවුන් හරක්ම තමයි. කන්නේ තණකොළ කොතැන හිටියත්..!
ඔය දෙපැත්තේ ඔලු ගෙඩි මාරු වුණාට වැඩක් නැහැ. ජනතාව npp එක වටේ පයුරු වලල්ලක් වගේ එකතුවෙලා ඉවරයි. මේ සැරේ ලංකාවේ සිදුවෙන දැවැන්තම දේශපාලන පෙරලිය වෙනවා...!
අප්පට සිරි ඇත්තද? එතකොට ඒ එන්නේ දවල්ද? ඇඳගෙනද එන්නේ? එන අයට කීයක් දෙනවාද සල්ලි? ඒ දෙන සල්ලි හොරු රැල හොරකම් කරපුවා නේද?
බූරුවන් ටික දැම්ම යන එක හොඳයි...
මේ අය ඔක්කොම හරියට අවසන් කළේ පිස්සුවෙන් කියවනවා වගේ... ඇත්තටම මේ වගේ අය කොහොමද ඇමැතිලා වුණේ අපේ රටේ...? අනිත් එක ඔය පක්ෂ 02ම එකයි...
අම්මේ රනිල් වටේ ඉන්න අයගේ පිරිසිදුකම...
225ම ආවත් ජනතාව නම් එන්නේ නැහැ.
ඔය පක්ෂයේ කොහොම ඉන්නද?
හානේ වැට කැඩිලා වගේ ?
ඕකුන්ගේ සහාය ගන්න කීය ගානේ එකෙකුට දුන්නද කියලා කියන්නකෝ
මරු කියනවා පිස්සුවෙන් වගේ
ඇත්තටම දේශපාලනයේදී විවිධ පැතිවලට යමින් සිටියත් පාඨලී මැතිතුමා වගේ දුරදක්නා අය රටට සේවයක් කරන්න පුළුවන් අය තමයි සාමාන්‍යයෙන් ජාතික ලැයිස්තු ක්‍රමය ජනතා සේවය සදහා ඇතිකල එකක් නම් කුමන ආණ්ඩුව පත්වුනත් එවැනි දක්ෂයන් අරගෙන ඇමති තනතුරු දුන්නොත් රටේ සංවර්ධනය වේගවත් කරන්න පුළුවන් කියලා හිතෙනවා
අනේ මේ අර පියල් නිශාන්තයානේ කියලා තියෙන්නේ .සනත් නිශාන්තයාගේම අච්චුවේ ගොබ්බයෙක්නේ
පියල් UNP කෙනෙක්ද?
චන්දයක් එනකොට ගහන පරණ තැටිය මේක තමයි .රට කාලා ඉවර කරලා ගෙම්බෝ පනිනකල් බලාගෙන ඉන්නවා