(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා යැයිද මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර එය නොදැන සිටීම පුදුමයට කාරණයක් යැයිද කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය
කංචන විජේසේකර පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය නිසා යම් නොමඟ යැවීමක් සිදුවී තිබෙන බව කී මන්ත්‍රීවරයා 2020 පෙබරවාරි මාසයේ සිට සමගි ජන බලවේගයේ ලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මහතා වන අතර නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස බව පැවසීය.
2020 මාර්තු මාසයේදී මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදෙන විට එම නාම යෝජනා පත්‍ර අත්සන් කළේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා බවද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
සජබ මහලේකම් වරයාගේ පත්වීම නීති විරෝධී බවත් නාමයෝජනා අවලංගු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පැවරූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රංජිත් මද්දුම බණ්ඩාරගේ පත්වීම නීත්‍යානුකූල බවට පිළිගෙන තිබෙන්නේ යැයිද එරාන් වික්‍රමරත්න මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන වාසියට අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලකයින් නිසා මහජනතාව නොමග යත අතර රටද විනාශයට පත්විය. දේශපාලන බලය ලබාගැනීමට අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලකයින්ට එරෙහිව කටයුතු කිරීමට නීතිරීති අවශ්‍යයි...
ඇත්ත කතාව මෙයාලත් දැන් ඉන්නෙ බයෙන්.මොකක් හරි පොයින්ට් එකක් අල්ලගෙන ලොක්කටයි ගෝලයන්ටයි අන්තිම මොහොතේ හරි පරිප්පුවක් කන්න වෙයි කියලා..
මං දන්නා විදිහට කාංචන විජේසේකර සජබ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ පක්ෂයේ ඉතිහාසය දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය නෑ. මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් සජබ ගැන දැනගන්න අවශ්‍යයි කියලා නීතියක් නැහැ.
වැඩිය ගණන් ගන්න එපා. බූරු පුතා සමග මේ තවත් නිවේදනයක් ප්‍රකාශ කළා පමණි.
මේකට කෑ කෝ ගහගන්න අවශ්‍ය නැහැ, ඉදිරියේ දී නඩුව පැවරුවහම ගරු අධිකරණය නෛතික භාවය තීරණය කරාවි.
සජිත්ගෙ මෝඩ ගති සියල්ලටම යටයි. අනේ ඉරාන් ඔබේ දැනුම පව්.
අපි ආසයි තව පාරක් දෙපාරක් ඔයාලා දෙගොල්ලට කියලා කර ගන්න. අනේ මේ පාරත් කොහොම හරි බලේ අරන් කරන්න.