IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24)පැවසීය.

දේශීය සහ විදේශීය විනිසුරුවන්ගෙන් මෙන්ම විමර්ශකයින්ගෙන් සමන්විත ව මෙම  පරීක්ෂණ කොමිසම ස්ථාපිත කරන බවද විපක්ෂ නායකවරයා කීය.

එම පරීක්ෂණයට ශක්තියක් වීමට ස්ථීර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කර කොමිසමෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන බව කී විපක්ෂ නායකවරයා අදාල  අපරාධ  නඩු කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ අධිකරණයක් මෙන්ම  අධි චෝදනා කාර්යාලයක් පිහිටුවන බව පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (10)

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්

අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 01:57 PM

මෙයාගේ කතාවෙන් පැහැදිලියි... මෙයාට ඕනෑ පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට දඬුවම් ලබා දෙන්න නොවෙයි, වැඩේ අල කරන්න කියලා, අලුතින් දේශිය හා විදේශිය විනිසුරුවන් සහිත කොමිසමක් දාන්නම අවුරුද්දක් එකහමාරක් ගතවෙයි. කොමිසමට පරික්ෂණ පවත්වලා වාර්තාව ලබාදෙන්න තව අවුරුදු දෙකක් විතරයයි. ඊට පස්සේ කොමිසමේ වාර්තාව විමර්ශණය කරන්න විමර්ශන කාර්යාලයට තවත් වසරක් විතර යයි. එතකොට ඊළඟ ඡන්දයට වෙලාව හරි, එහෙම කරලා ඊළඟ පාර ඡන්දය ඉල්ලයි... කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා...

:       0       22

Kamal Koyrala Wednesday, 24 April 2024 02:27 PM

පත්කළ කොමිසම්, තේරීම් කමිටු, හොඳටම ඇති පස් අවුරුද්දක් වැඩේ රබර් වගේ ඇදලා තේවා අවුරුදු පහක බලේ ගතහොත් ගුරාගෙන් ඉගෙන ගත විදියටම අදීන තම යටි අරමුණ පුතාණෝගේ කිසිම කතාවක් මහජනයා විශ්වාස කරන්නේ නැහැ...

:       0       15

Nihal Wednesday, 24 April 2024 02:33 PM

ඕවා අහල අහලා ජනතාවට ඇතිවෙලා තියෙන්නේ...!

:       0       19

මහසෙන් Wednesday, 24 April 2024 03:03 PM

ලාංකීය පාරම්පරික කුණු වූ දේශපාලනයේ තවත් එක් චරිතයක් විතරයි මෙයා. මේ වෙනකම් මේ මනුෂ්‍යයා දීලා තියෙන පොරොන්දු මෙයාටම මතකද දන්නෑ. තාමත් වෙන්නේ එකම දේ. සිද්ද වුණු මේ මනුෂ්‍ය ඝාතන වෙන්දේසි කිරිම පමනයි. දැන් නම් මෙයාලාගෙයි, කාදිනල් තුමාගෙයි, සමස්ත දේශපාලුවන්ගෙයි වෙනසක් නෑ. වෙන්නේ එකම දේ. මේ කපේට මේක කරපු අය හෙලිවෙන්නේ නෑ.. ඒ වගේම පුතාණෝ ජනපති වෙන්නෙත් නෑ...

:       3       16

ගමේ එකාලා Wednesday, 24 April 2024 03:23 PM

ඔය පත්කරන කොමිෂන් වලින් නම් වැඩක් වෙන එකක් නැහැ උන් ඔක්කොම යාලුවෝ ?

:       0       15

shantha Wednesday, 24 April 2024 04:15 PM

මේ හාදයාට කිසිම පැහැදිලි, තමන්ගේම කියා අදහස් නැහැ. මාලිමාව රටට යමක් ඉදිරිපත් කළද ඊට පස්සේ මිනිහත් ඒ ගැන කියනවා. පිස්සු ඩබල් වෙනවා. දැන් ඔය විවාදයේදී මිනිහා රටට ඉදිරිපත් කරන අදහස් මිනිහා ජනාධිපති වුණොත් (ඒක සිහිනයක්ම පමණයි! මේ රටේ බත් කන ගොන්නු දැන් නැහැ) අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ, නැතිනම් නඩු දානවා.

:       0       4

Kazi Shajahan Wednesday, 24 April 2024 05:00 PM

සජිත් ඕකට වගකිය යුතු වෙනවා. මොකද එදා එයා කැබිනට් මිනිස්ටර් කෙනෙක්... ජනතාව ආරක්ෂා කරගන්න ජනාධිපති මෙන්ම කැබිනට් මණ්ඩලයද බැඳී සිටියි.

:       0       8

ChandraThursday, 25 April 2024 08:16 AM

ඒ වෙලාවේ ඔහු හිටියේ ඇත් ගොව්වා වෙන කුමන්ත්‍රණයක. එයට උදව් කරන්න හදපු කෙනා තමයි මෙයට සැකකරුවෙක් හැටියට නම් වෙන්නේ .

:       0       2

Saththaya Wednesday, 24 April 2024 05:16 PM

ඇයි මේ බල පෙරේතයින් දැන් පාස්කු ප්‍රහාරය ඡන්ද ගුණ්ඩුවක් කරගෙන දඟලන්නේ? ඇත්ත තමයි මේ පුරුදු පරදි කරන බොරුවක්, ඡන්ද දඩයමක්. ලංකාව පුරා තිබුණු දේව මෙහෙයවල් ප්‍රමාණවත්, සොබා දහමෙන් දඬුවම් ලැබෙන්න. තේරෙන්නේ නැහැ මෙයට 225 ගාවාගන්නේ දැන් ඇයි කියලා. දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් තබා ගන්න. වයිරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම, ශාන්ත සිත් දූෂිත වෙනවා. ඒකයි ඇත්ත...

:       0       8

Asanga samantha Thursday, 25 April 2024 10:34 AM

යකෝ ලන්කාවේ උන අනිත් ප්‍රහාර ගන කතා කරපල්ලකෝ. පාස්කු පාස්කු මේක මොන මගුලක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 379 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 628 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1177 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


වීසා
2024 මැයි මස 05 7 0

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදි


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 583 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 195 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 493 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1709 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site