(ෂේන් සෙනෙවිරත්න)
සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාගේ බාල සොහොයුරා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහු ඩුබායි හි රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් ඔහු රුපියල් ලක්ෂ 2 ½ ක්, රුපියල් 100,000 ක් සහ 50,000ක් ඔහු විසින් වංචා කොට ඇති බවට ගලගෙදර සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු කරන ලද පැමිණිලි වලට අදාළව ඔහු එසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රැකියා සඳහා පිටත්ව යාමට ඔහු ව්‍යාජ වීසා බලපත් පවා පැමිණිලිකරුවන්ට නිකුත්කොට තිබී ඇති අතර මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත් සම්බන්ධයෙන් ඩුබායි තානාපති කාර්යාලයෙන් කර ඇති සොයා බැලීමකදී එම වීසා බලපත් ව්‍යාජ ඒවා බවත් එවැනි වීසා ඔවුන් විසින් නිකුත් කොට නොමැති බවත් පොලිසියට තහවුරු කොට තිබෙන බව පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න කලින් ගෙදර මිනිස්සු හදාගත්තා නම් ලොකු දෙයක්...
මෙම හලීම් පහුගිය ආණ්ඩුවේ මුස්ලීම් ආගමික ඇමති ධුරය දරමින්, තමාගේ පවුලේ අය සම්බන්ධ කරගෙන, හජ් වන්දනාව යවනවා කියමින් විශාල මුදල් ගත්තා.. සහ රජය සතු මුස්ලීම් සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් නිල පරිගණකය, ලේඛන සහ Web අඩවිය පවා තමන් සතුව තියාගෙන විශාල වංචාවකට සම්බන්ධ වුණා.
මොවුන් ඔක්කොම එකයි...!
සියලු දේශපාලුවන් හොරුන්ය, වංචාකාරයින්ය, ශිෂ්ඨ සමාජ විරෝධී කියන පොදු මහජන පිළිගැනීමට තවත් නිදසුනක්...
කඩුවලින් තණකොළ කපන මිනිහෙක්...