IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සජබ මන්ත්‍රීගෙ මල්ලි රට යවන සෙල්ලමක් දාලා

(ෂේන් සෙනෙවිරත්න)

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාගේ බාල සොහොයුරා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .

ඔහු ඩුබායි හි රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් ඔහු රුපියල් ලක්ෂ 2 ½ ක්, රුපියල් 100,000 ක් සහ 50,000ක් ඔහු විසින් වංචා කොට ඇති බවට ගලගෙදර සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු  කරන ලද පැමිණිලි වලට අදාළව ඔහු එසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රැකියා සඳහා පිටත්ව යාමට ඔහු ව්‍යාජ වීසා බලපත් පවා පැමිණිලිකරුවන්ට නිකුත්කොට තිබී ඇති අතර මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත් සම්බන්ධයෙන් ඩුබායි තානාපති කාර්යාලයෙන් කර ඇති සොයා බැලීමකදී එම වීසා බලපත් ව්‍යාජ ඒවා බවත් එවැනි වීසා ඔවුන් විසින් නිකුත් කොට නොමැති බවත් පොලිසියට තහවුරු කොට තිබෙන බව පොලීසිය කියයි .

 



අදහස් (8)

සජබ මන්ත්‍රීගෙ මල්ලි රට යවන සෙල්ලමක් දාලා

Chathuranga Sunday, 18 June 2023 09:18 AM

රට හදන්න කලින් ගෙදර මිනිස්සු හදාගත්තා නම් ලොකු දෙයක්...

:       0       3

Hafeel Sunday, 18 June 2023 11:41 AM

මෙම හලීම් පහුගිය ආණ්ඩුවේ මුස්ලීම් ආගමික ඇමති ධුරය දරමින්, තමාගේ පවුලේ අය සම්බන්ධ කරගෙන, හජ් වන්දනාව යවනවා කියමින් විශාල මුදල් ගත්තා.. සහ රජය සතු මුස්ලීම් සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් නිල පරිගණකය, ලේඛන සහ Web අඩවිය පවා තමන් සතුව තියාගෙන විශාල වංචාවකට සම්බන්ධ වුණා.

:       0       4

fairoos Sunday, 18 June 2023 12:08 PM

මොවුන් ඔක්කොම එකයි...!

:       0       5

Bamunuarachchi Sunday, 18 June 2023 08:07 PM

ඔන්න පිළිගත්තා හම්බයෝ ඔක්කොම එකයි කියලා. ගම්මිරිස් හොයාගෙන ආපු හම්බසෙට් එක මුළු රටම කෑවේ ඔහොම තමයි.

:       0       0

Bamunuarachchi Monday, 19 June 2023 09:10 PM

කෝමද යාළුවා හම්බ සෙට් එකේ වැඩ? ඔන්දයිද? රටෙන්ම එලවන්න ඕනේ නේද? මොක්කද කියනවා?

:       0       0

ravin Sunday, 18 June 2023 12:14 PM

සියලු දේශපාලුවන් හොරුන්ය, වංචාකාරයින්ය, ශිෂ්ඨ සමාජ විරෝධී කියන පොදු මහජන පිළිගැනීමට තවත් නිදසුනක්...

:       0       3

Kule Sunday, 18 June 2023 04:41 PM

කඩුවලින් තණකොළ කපන මිනිහෙක්...

:       0       1

Bamunuarachchi Monday, 19 June 2023 02:04 AM

රට කෑවේ මේ හම්බසෙට් එක තමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site