
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය.
"මේ හොර කුපාඩි ආණ්ඩුවක්.ඔළුගෙඩි මාරු කරගෙන දැන් සැප විඳිනවා. නමුත් රටේ ජනතාව අනාතයි. රටේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න හදන විට ගිරා පෝතකයෝ කෑගහනවා.
මේ පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමෙන් රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ වෙනවද?ඒ නිසා සමගි ජන බලවේගය සහ විපක්ෂයේ ඵකට ශීලී කණ්ඩායම් තීන්දුවක් ගෙන තිබෙනවා.
මේ රටේ ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ නැති ආණ්ඩුව කරන බොරුවට අප සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අප මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා.එසේ කොට අප පොදු ජනතාව සමග හිට ගන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට...
ඔයිට නරකද විපක්ෂ නායකතුමෝ අර ඔබතුමාට දෙනවා කියපු තෙල් නැව් කීපය ඒ ඒ රටවලින් ගෙනැල්ලා මේ පෝලිම්වල ඉන්න අපට වැඩිමිලට හරි කමක් නෑ... බෙදා දුන්නා නම්..? එතකොට ඊළඟ ඡන්දෙදී අපට ඔබතුමා පිළිබඳ සලකා බලන්න පුළුවන්...
හොඳම දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙලා යන එක... අභියෝග කරනවා සියලු දෙනාට පුළුවන් නම් කරන්න කියල.
කියලවත් කරගන්න බැරි දෙයක්...! නිවැරැදිම තීරණයක්. සදහටම ගෙදර ඉන්න. රටට හොඳයි..!
ඉතින් අපිට මොකද? නෑවිත්ම ඉන්නකෝ...!