
සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ආරම්භ කළ විරෝධතාවයට ජාතික පුස්ථකාලය අසලදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
2024-01-30 14:37
(නිමල කොඩිතුවක්කු, යොහාන් බාසුර)
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
“වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබිණි.
විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින්, සමගි ජනබලවේගයේ සියලුම කාන්තා හා තරුණ ශාඛා සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාවයට සහයෝගය පළකරමින් ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
JR ගේ පාගමනට ගහලා විසිරවපු අපිට උඹලට ගහලා විසුරවන එක වැඩක්ද?
මී හරක් ටිකට නාන්න මඩ සමග මිශ්‍රකර වතුර වලින් සැලකුවා නම් තමා වඩා සනිපයක් දැනෙන්නේ...