(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා කළ නිල ආරාධනය සමග ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙතෙක් පිළිගෙන නොමැත.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය එම ආරාධනය පිළිගෙන ඇත. ඒ අනුව එම පක්ෂයේ නියෝජිතයකු සමුළුවට සහභාගි කරවීමට නියමිතය.
මෙම සාකච්ඡාවට සහභාගි වීමට ජනාධිපතිවරයා විවෘත ආරාධනය කරනු ලැබුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුවය. කෙසේ වෙතත් පක්ෂයේ තීරණය හේතුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පැමිණීමද අවිනිශ්චිත වී ඇතැයි දැනගන්නට ඇත .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ පක්ෂය සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව සඳහා සෙසු සියලු දේශපාලන පක්ෂවල නායකයන්ටද ආරාධනා කරනු ලැබුවේ ණය වැඩපිළිවෙල සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ඇති කර ගැනීමේ අරමුණින් යුතුව බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට ගිහින් නිකන් කාලේ නාස්ති කරන්නේ මොකටද කියලා හිතෙන්න ඇති.කොහොමත් IMF එකට ඕන විදිහට අන්තිමට වැඩ සිද්ධ වෙන්නේ
මේ සාකච්ඡාව සඳහා සියලු දෙනා දේශපාලනය ගැන නොසිතා සහභාගීවීම අත්‍යවශ්‍ය බව කිව්වෙත් සජබයේ හර්ෂ. ඔහු හරි. මේ ජාතික කරුණක් මිසක් දේශපාලන කරුණක් නෙවෙයි. සජබය මේ ප්‍රතික්ෂේප කරන්නේ ජාතික කරුණක් සඳහා එක්වෙන්න බෑ කියලා බව ඔවුන්ට තේරිය යුතුයි. එය තේරුම් ගන්න බැරි නම් ඔවුන්ට රට පාලනය කිරීමට තරම් පුළුව්න් කමක් නෑ. අනුරත් එච්චරයි.