(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද (7)වර්ජනය කිරීම විශේෂ සිද්ධියක් විය.
පාර්ලිමේන්තුව ආරම්භයේදී සභාගර්භයට පැමිණ සිටි විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා කතාව පැවැත්වීම ආරම්භ කිරීමත් සමග සභාගර්භයෙන් පිටව යනු දැකගත හැකිවිය.
විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් සභාගර්භයෙන් එසේ පිටව ගියද රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,ඉෂාක් රහුමාන් , වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ ෆයිසල් කාසිම් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙක් සභාගර්භයේ දිගටම රැඳී සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම, කතා කිරීමේ නිදහස නැති කිරීම,සාමකාමී උද්ඝෝෂණයන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ජනතාව මත අධික ජීවන බරක් පටවා තිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන ජනාධිපතිවරයාගේ කතාව මෙසේ වර්ජනය කළ බව සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය.
මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පමණක් ජනාධිපතිවරයා කතාව ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරිනිට පමණක් බනිමු.
ලාහෙට ගෙම්බො එකතු කරන පුතාණෝ, දැන් බලන්න සිදුවී ඇති දෙය, එකෙක් අල්ලාගෙන ඇතුළට දාගන්නා විට ඇතුලේ අය දෙන්නෙක් එළියට පැන ඇත...!
හරින්ගේ ජනප්‍රියතාවයත් දැන් අඩුවේගෙන යන්නේ...!
සොම්බියගෙ මානසික රෝගය තමයි ඔය රාජාසන කතා..කියන ගොබ්බ කතා එයාටම මතක නෑ.. කිසි වගකීමකුත් නෑ රට විකුණන එකට එහා දෙයක් කරන්නෙත් නෑ .. මමයි රජා කියලා හිත හදාගන්න එක තමයි.. වරෙන්කො ඡන්දෙට..