(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණ වලට ගෙන්වන ජාවාරමක් පටන්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
එලෙස උද්ඝෝෂණ වලට එන ජනතාවට බිලි පූජා ලබාදීමේ කොන්ත්‍රාත්තුව සමගි ජන බලවේගයේ යහමින් මුදල් ගැවසෙන දෙදෙනකුට පවරා ඇතැයි කී රංගෙ බණ්ඩාර මහතා මෑත දිනකදී කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයකට සහභාගී වන අයට පුද පඬුරු ලබාදීම සඳහා ඔවුන් දෙදෙනාගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ඉල්ලා ඇති බවද සඳහන් කළේය.
මෙම ධනපතියන්ගෙන් එක් අයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි දහයක් දී ඔහුගේ අසුනේ ඉඳගැනීම සම්බන්ධයෙන් කුප්‍රකටව සිටින්නකු බවද රංගෙ බණ්ඩාර මහතා කීය.
මෙලෙස දොළ පිදේනි දී ජනතාව විරෝධතා වලට සහභාගී කර ගැනීම සැබෑ ජනතා හඬ යටපත් කිරීමක් මෙන්ම ජනතාවට කරන නිග්‍රහයක් යැයි රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංස්කෘතියේ මහ ගෙදර unp කියන එකත් අමතක කරන්න එපා...
වැඩේ ඇත්ත තමයි. ඒත් ඉස්සා ඔලුවේ අසූචි තියාගෙන, අනිත් උන්ගේ කුණු පෙන්නනවා. ඔය වැඩේ නිර්මාතෲ ජේ.ආර්, ප්‍රේමදාස. දැන් යුඇන්පි යට ඔය දේවල් දීලාවත් සෙනඟ නෑ නේ. ගෙම්බෝ විතරයි. පොහොට්ටුවත් එහෙම තමයි. පිනට කකා බිබී ඉන්න වෙන්නේ තව මාස 9 යි.
අනේ වොඩ්කා, ජාතියේ පිනා අරන් ගෙදර යන්න...!
කමක් නෑ... අපි සජබයට...!
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා නන්නත්තාර වෙලා ඉඳලා දැන් පම්පෝරි ගහන හැටි...!
බණ්ඩාර...!
ජාතික ජනබලවේගයට ජය වේවා !!! මාලිමාවට ජයවේවා...!!!
ජීවත්වෙලා හිටපු කාලේ, ද මු දසනායකට බය චන්ඩියා...
රංගේ ඔයා කලබල වෙන්න එපා... බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණවලට ගෙන්වනවා නම් අපි බලමු ඉදිරි ඡන්දේදී එජාපයද නැත්නම් සජබ දිනන්නේ කියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා...!