
(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරතව සිටි සාජන්වරයකුට වෙඩි තබා පළා ගිය සැකකරු අද සවස බිංගිරිය ප්‍රදේශයේදී අනියම් බිරිය සමග තීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි පොලිස් සාජන්වරයා කොළඹ ජාතිකරෝහලේදී මිය ගොස් ඇත
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු හතළිස් දෙකක් වයස ඇති පුද්ගලයෙකි.
පොලිස් සැර්යන්වරයාට වෙඩි තබා රැගෙන ගිය පිස්තෝලය ගම්පහ යාගොඩ පාරේ කැලෑ ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරුගේ අනියම් බිරිය ගම්පහ ප්‍රදේශයේම පදිංචි කාන්තාවක වන අතර සාජන්වරයාට වෙඩි තබා පලා ගොස් අනියම් බිරියගේ රැකවරණයේ සැඟවී සිට ඇතැයි පොලිසිය කියයි.
පසුව අනියම් බිරිය සමග ප්‍රදේශයේ හැර දමා තිරෝද රථයකින් පලා ගොස් සැඟවී සිටීමට උත්සාහ දරා ඇති බවත් එසේ ගමන් කරන අතරතුරදී බිංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
පොලිස්ගෝ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක දේශප්‍රිය, පොලිස් පරීක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාජන්ට වෙඩි තබා පැන ගිය සැකකරු මාට්ටු
බක්මීගොල්ල Monday, 12 February 2024 01:46 PM
අත් විලංගුවත් දන්නේ නැතුව ළඟින්ම තියාගෙන ඉන්නේ ඕක ඔතැනත් මොකවත් කරයි. 56ක් වත් දරාගෙන ආයෙත් පැනලා යයි. එහෙම මිනිස්සු. දැන් උන්නත් එකයි කියලා ඇත්තේ...!