
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (05) එළි දැක්වීය.
සමගි ජන සන්ධානය ලෙස එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද එහිදී එළඹීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර සහ නිදහස ජනතා සභාවේ මහචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ ඊට අදාළ ගිවිසුම් ගතවූහ.
ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි කාලේ සෙල්ලම් කරන කොට... පිල බෙදාගන්නකොට යූ...
පොඩි කාලේ සෙල්ලම් කරන කොට... පිල බෙදාගන්නකොට ‘‘උච්චි උච්චි තෝල් තෝල්‘‘ කියනවා මතක් වුණා...
උණුසුම් සුබ පැතුම්. ජය වේවා! ආණ්ඩු තිබ්බත් නැතත් මිනිස්සුන්ට වැඩ කරන මේ පාර්ලිමේන්තුවේ ඉන්න එකම නායකත්වය සජිත්... සජිත් සූරියවැව කොට්ඨාසයේ සංවිධායක වෙලා ඉන්න කාලේ සිටම මිනිස්සු වෙනුවෙන් වැඩ කළා. අද ජනාධිපති වෙනවාමයි කියලා මුහුණු පොතෙන් ඡන්දෙ දින්න මිනිස්සු එදත් කළේ වේදිකා උඩ නැගලා අනිත් අයට බනින එක. අද කරන්නේත් ඒක. ඒ හැර මිනිස්සු වෙනුවෙන් කරපු වැඩක් නෑ. මේ නිසා දුප්පත් මිනිසුන්ගේ දුක දන්නා මේ නායකයා මේ රටේ නායකත්වයට පත්විය යුතුමයි...
හොරු සමග හෙළුවෙන්...
මේ ගොල්ලෝ ඊළඟට සංධානගත වෙන්නේ යූ ඇන් පී එක සමගයි.
මොවුන් දෙගොල්ලන්ට මම අවුරුදු ගාණක් ඡන්දෙ දුන්නා නම්.. තමා රට කාපු හොරු මෙදා පාර මාලිමාවට ඡන්ද දීලා බලමු වෙනසක් කරන්න...
ගෝඨවත් එකතු කරගත්තා නම් සන්ධානය සර්ව සම්පූර්ණයි
හොරුන් ආරක්ෂා වෙන්න නම් හොර රැලක් වෙතම යන්න ඕනෑ. ලබන මාසේ වෙද්දී මැදමූලන සුනාමි හොරු නොහොත් සාටක හොර රංචුවත්, අවසානයේදී බැංකු හොරු කණ්ඩායමත් මේ හොරු සමග එකතු වෙනවා. එතකොට රටේ මහජනතාව තීරණය කරයි ඒ ගොල්ලෝ ප්‍රගතිගාමී " හොරුන්ට " ඡන්දය දීලා අවුරුදු 76 ක්ම සිදුවුණු ආකාරයට ආයෙත් වතාවක් රැවටෙනවාද, නැතිනම් ප්‍රගතිශීලි " ජාතික ජන බලවේගයට" ඡන්දය දීලා වාසනාවන්ත රටක් හදන්න දායක වෙනවාද කියලා. මාලිමාවට ජයවේවා !!!
මෙය හොඳ ප්‍රවණතාවයක්. දැන් අපේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගනීවි මොවුන් කවුද කියලා. ජාතික ජනබලවේගයට අනිවාර්යයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක්...!
නියමයි නිධන් හොරුයි, හොරසල්ලි කාරයෝයි, තඹ හොරුයි, විදේශ විනිමය හොරුයි. ඔක්කෝම සුදු ඇඳගෙන එකතුවෙලා. නමුත් ඔබලාගේ කළු අතීතය වහන්න බැහැ. ඡන්දෙ දාට මහජනයා ඔබලාට සුදුසුම තීරණය දෙයි. පුතානෝට ආයෙත් වතාවක් යාල කැලේ දිවියන් බලබලා, ස්ට්‍රෙස් වලට දෙන පෙති බිබී මාසයක් හැංගිලා ගතකරන්න කාලයක් ළඟදීම එනවා.
ජාතික ජනබලවේගයේ ප්‍රබල පිබිදීමට මුහුණ දෙන්න අපහසු බව දැනගෙන හොරු, අපරාධ කාරයෝ, මිනීමරුවෝ.. ඔක්කොම එකතු වෙනවා. වැඩක් නැහැ... ඔය සෙල්ලමෙන් වෙන්නේ තියෙන දේවලුත් නැති කරගැනීමයි. දැන් රටවැසියන් දන්නවා " මොවුන් ඔක්කෝම යාලුවෝ මල්ලි.. " කියලා. මේ ඉල්ලන් කෑමක් !!! ඇදගෙන නෑමක්.. !!!
සජිත් මේ රටේ ජනාධිපති විය යුතුමයි. හොරකම් නැති නායකත්වයක්. කට විතරක් නෙවෙයි වැඩත් එදා ඉඳලාම කරන දුක දන්නා කෙනෙක්. ස්ටේජ් උඩ නැගලා මඩ ගහණ මිනිස්සුන්‍ට වඩා සජිත් මේ රටට වටිනවා. අපුර ෆේස් බුක් ජනාධිපති එපා...
හොරු සහ හොරු !!! තව හොරු අඩුයිනේ. කෝ හොර මයිනෝ? හොර කපුටෝ? මහබැංකු හොරා?
රංජිත් බණ්ඩාර.. හයියෝ ඉතිං... මේ ඉන්නේ නයි මුගටි නෙමේ... ආතක් පාතක් නැති කුපාඩි හිවල්ලු ටිකක්.. තව අර ගෙම්බන්පිලයයි බලුවංශයි ඩබලත් අමුණා ගත්තා නම් අඩුපාඩු සම්පූර්ණ වෙයි.. ආ අර වේලිච්චි වට්ටක්කා ගෙඩියත් ගන්න අනේ.. පවු නේ.. මේ සේරම ඉතිං මේ රට ගොඩදාන්නනේ දෙයියනේ.. මොවුන්ට අහු වෙන්න බලන් ඉන්න අය අර පැත්තට යමු බලන්න..