(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයේ මහලේකම්වරයා ලබන බ්‍රහස්පතින්දා (06) වැනිදාට පෙර නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කොළඹදී පැවැසීය.
නව සන්ධානයේ මහලේකම්වරයා පත් කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නාමයෝජනා මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට අද (03) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නව සන්ධානය සමඟ ඉදිරි මහමැතිවරණයට තරඟ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙවත් ව්‍යවස්ථාව හරියට කියවලා පටන් ගන්නකෝ. නැත්නම් ඒකත් මේ පසුගිය දවස් ටිකේ නායකකම ගන්න හදපු එක වගේ නටපු තොවිලෙකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ වේවි...
අර 7 දෙනාවම පත්කර ගන්න... අපිට මොකෝ...?
"...සජිත්ට ඕනෑ ලේකම්ලා පත් කරන්න මට බැහැ. එයා එවන නම් අතරේ මට හිතවත් කෙනෙක් හිටියොත් මම එයාව පත් කරනවා. මගෙත් එක්ක සෙල්ලම් කරන්න සජිත්ට ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ..."
‘‘සජිත්ගේ නව සන්ධානයේ මහලේකම් 6 වැනිදාට පෙර නම් කරනවා‘‘ කොහොමත් ඡන්දෙට කලින් රාජ්‍ය නායකයෙක් වීමට සුදුසු..., අගමැතිකමට සුදුසු කෙනෙක් එජාපෙ ඉන්නවද, හොයාගෙන ඔය සන්ධානයේ නායකයා කරන්න.
කවුරු වුණත් අපිට අදාළ නැහැ. ගෙදර යන්න ලෑස්ති වෙන්න.