
(නිමල කොඩිතුවක්කු)
ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බියවී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුළු පිරිසක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නොමැති අය එවැනි විවාදවලින් පැනගියත් තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බැවින් ආර්ථික කණ්ඩායම් සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස අවසාන වතාවට ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 209 වැනි අදියර යටතේ හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ගැන වාද විවාද කිරීම විකාර වැඩක් ලෙස පැවසුවත් ආර්ථික කණ්ඩායමක් වැඩපිළිවෙළක් නොමැති අයට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට එමගින් උපකාරී විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාරිකයන් ගෙන් මුදල් අරන් පාසල් වලට දෙන්නේ ව්‍යාපාරික යන්ට මොන පොරොන්දු දීලා ද. එක්කෙනෙක් නම් යාලුවට සීනි බදු අඩු කරලා දීලා අන්තිම ට ඡන්දෙ දුන්න ජනතාව විසින් ම එලවලා දැම්මා
පාසල්වල දේශපාලනය කතා පවත්වන එකම මොලේ තරම පේනවා
අර ඉස්කෝලෙ ළමයි එයාලාගේ අවුරුදු 60ටේ මිත්‍රයා කියන දේ අංදුන් කුංදුන් වෙලා අහගෙන ඉන්න ඇති. මූ වගේ මෝලෙක්
ඕක තමයි අපි කිව්වේසජිත් පුතා කවදාවත් තනියෙන් විවාදවලට එන්නේනෑ කියලා
අවසන් ලියුමයි ඔබට ලියන්නේ… කමිටු විවාදයෙ නාමෙන් .. ඔබට බැරිවුනත් මටනම් කම් නැහැ.. විපක්ෂෙ සදහට තිබියන්…
තියෙන්නේ ජනාධිපතිවරණයක් මූ පිස්සා වගේ ආර්ථික කණ්ඩායම් අතර විවාදයක් ගැන කියව කියව ඉන්නවා
සිරිමා මැතිනිගේ කාලේ ඉදල රටේ දුම්රිය බස් රිය එකී නොකී සියලු දේපොල ගිනි තියපු ජේවීපී එකට තියෙන්නෙ බල ලොභය විතරයි.
තරගෙට ගැටබෙර ගහමු ද
නායකයා නායකත්ව ලක්ෂණ පෙන්නුම් කලයුතුයි.තවත් එකෙකුට මුවා නොවිය යුතුයි.
ඇත්ත වශයෙන්ම එන්පීපී එකේ ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම හා ඔවුන්ගෙ නොහැකියාව හොඳින් විදහා දක්වපු සිද්ධියක්. ගොඨට ඡන්දෙ දීලා ලංකාවටම කෙලවපු 69ලක්ෂයෙන් ලක්ෂ 25ක් විතර එන්පීපී එකට හෙත්තු වෙලා විත්තිය වැඩි දෙනා දන්නවා. ඒ දිහා බලාගෙන එන්පීපී එක අධිමානසික බවකින් පෙලෙන බව වැඩි දෙනෙකුට හැඟෙනවා. නැතිනම් ආර්ථික කමිටු සංවාදයකට ඔය තරම් බිය විය යුතු නෑ. අපිට එන්පීපී එක කෙරෙහි තිබුණු පොඩි විස්වාසයත් පලුදු වුණා.
මම තමයි කෙරුම, හැකි නම් මාත් එක්ක තරඟෙට වැඩ කරල පෙන්වන්න, විපක්ෂයේ ඉඳල වැඩ කරන ලෝකෙ එකම විපක්ෂ නායකය මමයි, එහෙම කියන මිනිහ මෙන්න බොලේ රට හදන්න ආර්ථික කමිටුවකින්ලු, ඒ අයත් එක්ක විවාද කරන්නලු, එතකොට අර වචන නිකමටද කිව්වෙ?
කසුන් , එතකොට බලය ලබාගත්ත අයට පුලුවන්ද යාපනේ පුස්තකාලය ගිනිතියන්න , තහනම් කරපු සංවිධාන වලට බස් ගිනිතියන්න තහනම් උනාට?
පහුගිය දවස්වල ඔය වගේ කුඩා ළමයි ඉදිරිපිටම කිව්වනේ ඕනම විවාදයකට සූදානම් කියල තමුන්නැහැ ? දැන් ඔයි මොනවද කියන්නෙ?
අනුරත් මග අරිනවා සජිතුත් මග අරිනවා. ඒ මොකද මේ දෙන්නටම ආර්ථිකය ගැන පැහැදිලි වැඩපිළිවෙලක් නෑ.
මෙගොල්ලන්ගෙන් කවුරු දින්නත් අපිට වැඩක් නැහැ අපි රැකියාවල් කරලා උපයන මුදලින් කලා බීලා ඉන්න හොද ආර්ථිකය ශක්තිමත් රටක් තියෙන්න ඕනෙනේ එම නිසා ආර්ථිකය සම්බන්දයෙන් දක්‍ෂම කණ්ඩායම ඉන්නේ කොයි පැත්තේද කියලා ජනතාව වශයෙන් අපි හොද තීරණයක් ගත යුතුයි
පළමු එකට වඳුරා එවන්න එපා.මොකද ඔය ආර්ථික කමිටි එකේ කට්ටිය පහුවෙනිදා ර රනිල් ගාවට යන කට්ටිය .ඒක නිසා ඔබ තුමා සිංහයෙක් වගේ මුලින්ම විවාදයට එන්න .නිකම් බොරුවට බයිලා නැතුව
සජිත්ට කඩේ යන අයට ළඟදීම රනිල්ටත් කඩේ යන්න වෙනවා. ඔය පක්ෂ දෙකම එකයි
පාසල් ළමුන් ඉස්සරට ගිහිල්ලා "පුස් ටෝක්" නොදී පුළුවන් නම් අනුරගේ අභියෝග බාර ගන්න මහත්තයෝ, දැන් රටේ පැවැත් වෙන්න තියෙන්නේ ජනාධිපතිවරණයක් ඒකෙදී ජනතාවගෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයින්ගේ බුද්ධිමත්කම, ශක්තිය හා හැකියාවන් මෙන්ම දූබලතාවයන් කිරලා මැනලා බලාගන්න ඡන්ද දායකයින්ට අවස්ථාවක් ලැබෙන්නේ නායකයින් අතර විවාදයක් මිසක් ආර්ථික කමිටුව හරි වෙන මොන බම්බුක් අතර කෙරෙන විවාදයකින් නොවන බව ඔයා ඔය පාසල් ගානේ රස්තියාදු ගහන විට හමුවන පහේ වසරේ ළමයෙක්ගෙන් ඇහුවත් කියලා දෙයි. ඒ නිසා ඔයා විවාදය එන්න බය නම් ඒක කියන්න, එහෙම නැතුව 2015 ඉඳලා 2019 වෙනතුරු රටේ ආර්ථිකය බංකොලොත් කෙරුව රට ණයකරලා නන්නත්තාර කෙරුවා... මහබැංකු බැඳුම්කර මංකොල්ලය පිටු පස්සේ හිටිය ඔයාලාගේ තක්කඩි ආර්ථික ඔස්තාර්ලාට උසස් පෙළ ආර්ථික විද්‍යාව කරන ළමයෙක්වත් බය නැති බව මතක තියා ගන්න...