(රංජන් කස්තුරි)
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (09) යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
යාපනයේ මේ දිනවල පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ අතර ඒ අතරේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර දීර්ඝ ලෙස එහිදී සාකච්ඡාවක් පැවැති බවද පැවැසේ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ සුමන්තිරන් , මාවෛයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ පිරිසක්ද මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ද එම සාකච්ඡාව එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා මැද කොළඹ ඡන්ද ටික බලාගෙන ඉතාමත් කෙටිම කාලයකින් ආසන වලට හිමි සංඛ්‍යාවේ ප්‍රතිශතය වෙනස් කරලා හිවලුන්ට, නරින්ට උදව් කරලා දැන් මුළු ලංකාවම එකම ගිනිගොඩක තියෙන බව නොරහසකි. ඉතින් මේ ගොන්, උගත්, බුද්ධිමත් අලියා මොනවා පොරොන්දුවෙයිද කියලා කිසිදු විශ්වාසයක් නම් නැහැ පුතෝ... අසුචි ඔටුන්න දිහා බලාගෙන මේ හිඟන්නත් ඉන්න නිසා හරිම භයානකයි බල පොරය...
ගොටාභය නම් මෙතන ඉන්නෙ සද්දයක් නැති උන් දැන් කියාවි මෙන්න රට බෙදනවෝ කියල
එතකොට මොහු මේ විධියට ක්‍රියාකරන්නේ මොහුව පක්ෂයේ කෘත්යාදී සභාවෙන් ජනපති අපේක්ෂක කියා නම් කරලාද ?
රටින් කෑල්ලක් දෙන්න ලැහැස්තිනම් ඔන්න සපෝට් එක ලැබේවි.
අවුලක් නෑ. දෙමල සංධානයේ ඉල්ලීම්වලට මෙයා එකගයි. මොකද මංගල සමරවීර තමා තෝල්කයා. ස්වයං පාලන අයිතිය දෙන ඕනම කෙනෙකුට තමන් එකග බව මේ සංධානය කියල තියෙන්නෙ. මංගල ඉන්නෙත් එතන-දෙමල සංධානයේ සිංහල නියෝජනය!
තාත්ත අශ්රොෆ් ට දීපු දොලපිදේනි නම් දෙන්න පොරොන්දු වෙන්න එපා ගොයියෝ. .
බල තණ්හාවෙන් පිපිරෙන තව එක මිනිහෙක්.
තාත්තා රට කෑවා වගේ දෙගුණයක් පුතා අවොත් කනවා. පෙන්නේ නැද්ද කතා කරනකොට බක පණ්ඩිත ගතිය. තාත්තගේ ටයර් උස්නේ වැදිලා වගේ.