
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට රජය සහන නොසැලසීම නිසා ඒවා වැසී ගොස් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මහා පරිමාණ ඇඟලුම් කම්හල් කිහිපයක්ම දැනටමත් වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
විපක්ෂ නායකවරයා මෙසේ ද සඳහන් කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හෝටල් මෙරට දේශීය ඇඳුම් ආයතන වැසී යාමේ අවදානමක් පවතිනවා. නිමි ඇඳුම් ආනයනයට ඉඩ ප්‍රස්ථාව සැලසීම නිසා දේශීය ඇඟලුම් කර්මාන්තයට මරු පහරක් එල්ල වී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය පොලී අනුපාතය පහත හෙළීමට කටයුතු කරන්නේද?. එම ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය යම් ප්‍රමාණයක් කපා හැරීමට අවස්ථාවක් තිබේද? ධනපතියන්ගේ බොල් ණය කපා හරින වෙලාවක ඒ අයට සහන දෙන්න බැරි ඇයි? ණය සියයට 30 කින් කපා හරින්න කියලා ඉල්ලනවා. ඒ අය වෙනුවෙන් ණය සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. රජය මේ පිරිස සම්බන්ධයෙන් යොමු කර ඇති අවධානය ප්‍රමාණවත් නෑ.
මේක ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක්. අපි රජයෙන් මේ ප්‍රශ්නයට ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඇඟලුම් කම්හල් කියන්නේ මේ රටට විදේශ විනිමය ගෙන එන ආයතන. ඒ නිසා ඒ ආයතන රජයකට අමතක කරන්න බැහැ. කර්මාන්තකරුවන්ට ව්‍යාපෘති වලට ප්‍රවේශ වීමට උත්තේජකයක් ලබාදෙන්න.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත් කර්මාන්තකරුවන්ගේ දුක මැතිසබයට කියයි