(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
සෙන්රිජෙට් කොන්වන්ට් එකේ මම පෙර පාසල් ගියා.ඉන් පසුව ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා.පසුව රාජකීය විද්‍යාලයට ගියා.මේ රටේ ඕලෙවල් විභාගයට මුහුණ දුන්නේ නැහැ.මා කාලයක් කනිටු ශිෂ්‍ය නායකයෙක් විදියටත් හිටියා.
ඉන් පසුව එංගලන්තයේ මිල් හිල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.එහිදී ඕලෙවල් විභාගයට පෙනී සිට එය සමත් වුණා.ඒ කියන්නේ මා පෙනී සිටියේ ලන්ඩන් ඕලෙවල් විභාගයට.
මිල් හිල් විද්‍යාලයේ උසස් පෙළ විෂයට මා ත්‍යාග ලබා තිබෙනවා.බී දෙකක් සහ සී දෙකක් මට උසස් පෙළ ප්‍රතිඵල තිබෙනවා. ඒ ප්‍රතිඵල මුල් කරගෙන එංගලන්තයේදී උපාධිය හදෑරුවා.( විපක්ෂ නායකවරයා උපාධි සහතිකය සභාවට පෙන්වයි).ඉන් පසුව ඇමරිකාවේදී මාස්ටර් උපාධිය සඳහා තෝරා ගැනෙනවා.නමුත් මගේ පියාගේ අභාවයෙන් පසුව මේ රටට එන්න තීරණය කළා.ඒ නිසා එය සම්පූර්ණ කරගන්නට බැරි වුණා.ඇමරිකාවේ මාස්ටර් උපාධිය හදාරනරන සමයේ එහි සෙනෙට් සභිකයෙක් ළඟ ස්වේච්ඡාවෙන් වැඩ කළා.
නැවත ලංකාවට පැමිණ දේශපාලන කටයුතු කරන අතරතුර 2021 2022 වසර වල මා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා.ඒ මාස්ටර් උපාධියක් සඳහා.එහිදී දැන් අගමැතිවරිය වන හරිනි අමරසූරිය පැවැත්වූ වැඩසටහන් කීපයකටත් සහභාගී වුණා. එතුමිය හොඳ ගුරුවරියක්.හැබැයි මේ දේශපාලන කටයුතු නිසා ඉගෙනීමේ කටයුතු එක දිගට ක්‍රියාත්මක කිරීම අසීරු කාර්යයක් වුණා.කරුණු බොරු නම් මන්ත්‍රීකමෙන් මෙන්ම විපක්ෂ නායකකමින් ඉවත් වන්න මා සූදානම්.
මම නිකමට උප්පැන්න සහතිකයත් අරගෙන ආවා.කවුරු හරි ප්‍රශ්න කලොත් පෙන්වන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මිනිස්සු...
මනුස්සයෙක්ද නැත්නම් බූතයෙක්ද කියලා බලන්න වෙන්න ඇති උප්පැන්න සහතිකය ගෙනාවේ
ගරු අනාගත නායකතුමනි, අපට ඔබතුමා විශ්වාසයි.
විපක්ෂ නායක මාලිමාවේ තවත් මඩ සටන්පාඨයක් කුජීත කරලා දැම්මා. මාලිමා නඩේ හොර උපාධිකාරයෝ 29 දෙනාටත් මේ විදියටම පෙන්නන්න පුළුවන්ද?
දැන් බලාගත්තානේ... ගොඩක් අයට තිබුණු ප්‍රශ්නයක්නේ... ඔය විදිහට ඔක්කොම පෙන්නුවා නම් හරි...
'සෙන්රිජෙට් කොන්වන්ට්" නොව 'සේන්ට් බ්‍රිජට්ස් කොන්වන්ට්" (ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය) ලෙස නිවැරදි කරනු මැනවි. එමෙන්ම විපක්ෂ නායකයා ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය ලෙස අදහස් කර ඇත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රාථමික අංශය නොව, කොල්ලුපිටියේ පිහිටි 'සේන්ට් ටොමසස් ප්‍රෙපරටරි ස්කූල්" පාසලයි. එය කනිෂ්ඨ පාසලක් වන අතර, ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සහෝදර පාසලකි...
පාර්ලිමේන්තුවට යන්න අධ්‍යාපන සුදුසුකම් කොහේවත් ඉල්ලලා නැහැ. මේ ප්‍රශ්නය ඉල්ලලා දාගත්තු එකක් බවයි හැඟීම.. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වන්නේ වෘත්තියක් කරන්න යන අයටයි. වෛද්‍යවරු සිටිය යුත්තේ රෝහල්වලයි, මහාචාර්ය ආචාර්යවරු සිටි යුත්තේ විශ්ව විද්යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවලයි. නීතිඥයින් සිටිය යුත්තේ උසාවිය තුළයි. ඉංජිනේරුවරු සිටිය යුත්තේ වැඩ බිම් හෝ කර්මාන්ත ශාලා තුළයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් මේ උගතුන්ගෙන් රටට ඇත්තටම වැඩක් වෙන්නේ නැත.
මඩගහලා එතුමගෙ චරිත ඝාතන අරම්භ කරේ යු න් පී අය අද ජෙප්පෝ ලස්සනට අහගත්තා... ස්තුතියි සජිත් මැතිතුමනි
ඔබතුමාට බොහෝම ස්තූතියි. ඔබතුමාගේ පියා වරක් විවේචනය කරන ප්‍රතිපාක්ෂිකයින්ට මෙන්න මෙහෙම කීවා මතකයි." කෙනෙක් යමෙකුට එක් ඇඟිල්ලක් දික්කරන විට තමන් වෙත ඇඟිලි හතරක්ම දික්වන" බව.
ඒක නේන්නං, දැන් බලපුවාම පාර්ලිමේන්තුවේ වැඩිම සුදුසුකම් තියෙන්නේ විපක්ෂ නායකතුමාට, කොහොම වුනත් දේශපාලකයෙකුගේ පරිනත බව එක එක තාන්නාන්තර පට්ටං වලින් මනින්න බැ! ලෝකයේ බිහි වු බොහෝ ශ්‍රෙෂ්ඨ නායකයින්ට මුලික අධ්‍යාපන සුදුසුකම් වත් තිබිලා නැ!
උප්පැන්න සහතිකෙත් ගෙනාවලු. ඉපදිලා කිව්වාට මට නම් විශ්වාස...
ලංකාවේ සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්නකෝ ඒ ඇති..
රට වැසියා, ඒ කාලෙත් සංනිවේදන තාක්ෂණය මේ වගේ දියුණු වෙලා තිබුණා නම් ඒ අයගේ කෙරුවාවලුත් මිනිස්සුන්ට එලිවෙනවා. හුඟාක් වෙලාවට මිනිස්සු මැරුණාම හොඳ විතරක් මතුවෙන ගතිය වගේ තමයි. අද විශේෂයෙන්ම ලොක්කන්ගේ, හොඳට වඩා නරක රෙකෝඩ් වෙනවා. නෙට් එකේ කොහේ හරි තියෙනවා. අද අපිට නාමිකව වගේම නිර්නාමිකව බලයට අභියෝග කරන්න පුළුවන්. එදා එහෙම බෑ. යුග අතර සංසන්දනය හරිම අසාර්ථක වැඩක්...
ඇත්ත තමයි. ලංකාවේ සාමාන්‍ය පෙළ සහතිකය පෙන්නුවේ නැහැනේ. ඒක නම් ලොකු අඩුවක්.
සහතික කප්පරක් තිබුනට, දැනුම කොළවලට විතරයි. ක්‍රියාවෙන් රටට වැඩක් කරලා පෙන්වන එකයි වැදගත්. පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරුවා. අන්තෝජටා බහි ජටා...?
කුමන හෝ උපාධියක් තියෙනවා කියන්නේ යමක් කඩිනමින් ග්‍රහණය කරගැනීමේ ඉහළ හැකියාවක් තියෙනවා කියන එකයි. නමුත්, එහෙම උපාධියක් නැති වුවත් විවිධාකාරයෙන් දැනුම උකහාගත්, ප්‍රතිභාව තියෙන බුද්ධිමත් අය සිටින්න පුළුවන්. නමුත් උපාධිධාරීන් හෝ ඉහළ අධ්‍යාපනයක් ලැබුවෝ එසේ නොවන ගොඩවල් දෙකක් සන්සන්ධනය කළොත් වැඩි ප්‍රමාණයක් බුද්ධිමතුන් ඉහළ අධ්‍යාපනය ලැබූ ගොඩින් සොයාගත හැකියි. ඒ වගේම දේශපාලකයාට අවංක කම, නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව, කැපවීම සහ නොසැලී ධෛර්යයමත්ව වැඩ කිරීමත් අත්‍යාවශ්‍යයි. අපේ දේශපාලකයෝ කී දෙනාටද ඔවැනි ගුණාංග තියෙන්නේ?
අනුරට ළඟටවත් යන්න බැහැ බුද්ධියෙන්... කයියෙන් පුළුවන්...
මේක කාලයක් ඇදුන එකේ හරයක් නැද්ද? දැන් ඕවාත් තියාගෙනද උස නම් සිකුරිටි, මිටිනම් කම්කරු, ලෝකේ ධනවත්තු 10000ක් හොයලා ඉස්කෝල බාරදෙනවා. නිව්යෝක් නගර පරිපාලනයට අපේ නගර සභා බාරදෙනවා.. අලි මන්තර.. මතක තියාගන්න ඕනෑ. මෙයාගේ තාත්තා ජනාධිපති පුතා අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ දූෂිත පාර්ලිමේන්තුවක හිටපු ඒවාම කරපු කෙනෙක්... වීඩියෝ සාක්කි තියනවනේ උස නම් සිකුරිටි (ජන්ද අල්ලස් - රාජ්‍ය දේපල - තනතුරු අවභාවිතය)... ලංකාවේ ෆොටෝ කොපි කඩවල් වලින් උපාධි සහතික ගන්න පුළුවන් හොරුන්ට... අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕනෑ..
පිටරටවල් වල පුද්ගලික විශ්ව විද්‍යාල වල උපාධි විකුණනවා. මට ලංකාවේ උපාධියක් නැහැ. මම යන්තම් උසස්පෙළ පාස්... නමුත් පිටරටවල් සුද්දෝ ඔක්කෝටම උපාධි තියෙනවා... නමුත් ප්‍රායෝගික දැනුම අතින් ඔය ඔක්කොම මට යටයි.
අර චිත්‍රපටියක වගේ ඉගෙනගන්න පුළුවන් ළමයෙක්ව සජිත් නමින් එහේ ඇමැති රට යවලා, ඇත්ත කෙනා වෙන රටක ඉඳලා උපාධිය ගත්තාට පස්සේ මේ සජිත් ප්‍රේමදාසට දුන්නා ද දන්නේ නෑ...!