
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන බව කියන බන්ධනාගාර නියාමකවරයකු රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා මත්ද්‍රවය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රවය ගෑම් 100 හා හොරෙයින් මත්ද්‍රව්‍ය ගෑම් 20 ක් පොලිස් භාරයට ගෙන ඇත.
දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙම මත්ද්‍රවය තොගය සමග ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයකු වට්සැප් දුරකථන ඇමතුමක් ඔස්සේ ස්ථානය පිළිබඳ ( ලොකේෂන් හරහා) ලබා දුන් තොරතුරක් අනුව මෙම මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් බවයි.
එම මත්ද්‍රව්‍ය පාර්සලය බොරැල්ල වනාත පාරේදී තවත් පුද්ගලයකුට ලබා දීමට නියමිත බවත් සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට රහස් සැලැස්මක් ක්‍රියාත්මක කර සිය නිලධාරින් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබිණි.
එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසුණු පුද්ගලයකු අත්අඩංගුවට ගත් සැකකරු අසලට පැමිණ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා ගනිද්දී අවට රැක සිටි ස්ථානාධිපතිවරයා ප්රමුඛ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නියාමකවරයා ඉකුත් ජනවාරි මැදසින් බන්ධනාගාරයේ සේවයට පැමිණි අයකු බවත් ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිට ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd