සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අනිවාර්යයෙන් ජනාධිපති වන බවත්, ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැති බවත් තලතා අතුකෝරල මහත්මිය ඊයේ (20) ප්‍රකාශ කළාය.
තමන් ඇතුළු සියලු දෙනා බලා ඉන්නේ එය සිදුවන තුරු යැයි කී අමාත්‍යවරිය, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ද ඇතිව ප්‍රේමදාස මහතා මෙම අවස්ථාව ලබාගන්නේ යැයි සඳහන් කළාය.
දුප්පතාගේ දුක හඳුනන, පොළවේ පය ගසා සිටින, ජනතාව වෙනුවෙන් කැප වන නායකයකු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති කරන්න තමන් ඇතුළු පිරිස කැප වන බව ද ඇය කීවාය. අතුකෝරළ මහත්මිය මේ අදහස් පළකළේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, බුංගිරියේ ඉදිවූ 204 වන ආදර්ශ ගම්මානය වන කටුරොද ගම විවෘතකිරීමේ උත්සවයේදීය.
එම උත්සවය නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම උත්සවයේදී ඇමැතිවරිය කළ කතාව සහිත නිවේදනයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබූ අතර, එය පදනම් කර ගනිමින් මෙම ප්‍රවෘත්තිය සැකසිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔයාද ලංකාවේ සේරමලගේ ඡන්දෙ දන්නේ මැඩම්...
ගෝඨාභය මිසක් වෙන කිසිම කෙනෙක් ජනාධිපති වෙන්නේ නැත.
ඕක තමයි කියන්නේ දවල්ට නිදාගන්න එපා කියලා...
හොදයි අපි බලමු... මේ රටේ මිනිස්සු ගැන ඔයාලා හිතාගෙන ඉන්න විදිහේ වැරැද්ද මෙදා පාර ඔයගොල්ලොම දකීවි.! ඇමෙරිකානු ගැත්තන්, ඉන්දියානු ගැත්තන්, චීන ගැත්තන්, එංගලන්ත ගැත්තන් හැලිලා සිංහල බෞද්ධ නායකයෙක් මේ රටට පත් වේවි. එතකන් අපි ඔයගොල්ලන් සපයන විහිලු නායකයින්ට සිනාසෙන්නම්. එකක් කියන්නම් මීළඟ නායකයා ඔය පාර්ලිමේන්තුවේ සහ බලයේ ඉන්න 226 දෙනාගෙන් එක්කෙනෙක්වත් නොවේවි. ඒක ඉර හඳ මෙන් විශ්වාසයි.!
අපටත් ඕනේ ඔය ටික තමයි . සජිත් තමයි අපේ නියම නායකයා ... සජිත් ට තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්
සජිත් මැතිතුමා අගමැති, රනිල් මැතිතුමා ජනාධිපති.... යහපාලන රජය 2050 තෙක් ඉදිරියටම
ඔහු ජනාධිපති වුණහොත්, කැබිනට් මණ්ඩලය උසස් සාමාජිකයින්ගෙන් සමන්විත වනු ඇත.....
මේ කාලේ වැස්සනේ... දවල්ටත් නින්ද යනවා. හීනෙනුත් බය වෙනවා.
ව්‍යාපාර දියුණු කළා වගේ රට දියුණු කරන්න. ලංකාවට ට්‍රම්ප් කෙනෙක් ඕනෑද? දයා ගමගේ ජනපති කරන්න.
මේ හාමිනේ ඉතින් ඉඳලා හිටලා ඔය වගේ දෙයක් කියනවා.
මේවා පරම්පරාවට යන ඒවාද? ඒක හින්දා වෙන්න ඇති ලංකාව මේ තරම් දියුණු වෙලා තියෙන්නේ. හරි හොඳයි..
මේ පාර කොළ, නිල්, රතු නැති ස්වාධීන උගත්, විනීත, බුද්ධිමත් රටට ආදරේ කරන නායකයෙක් පත්කරගන්න රටේ බුද්ධිමත් ජනතාවට දිරිය ශක්තිය ලැබේවා...!!! බත් මුලට, රුපියල් 1000ට, සාරියට, කුඩේට, සිල් රෙද්දට, හොර පත්වීම්වලට රැවටුණු ජනතාව මෙවර දියවන්නාවේ ඉන්න මිනීකන නරි රැලට නොරැවටෙන බව විශ්වාසයි. මේ අපි සැමටම ලැබෙන අවසන් අවස්ථාවයි. අපි සැවොම එකතුවුනොත් අපිත් දිනුම්... රටත් දිනුම්...
උස සිකියුරිටි, මිටි කම්කරු...
වර්තමාන ඡන්ද දායකපිරිස මනා බුද්ධිමත් පිරිසක් හෙයින් මේ දෙරණට සිදුකළ මහත් විපත මේ වසර කීපය තුළ අතිශයින් සෝචනීය බව අවබෝධ කරගෙන සිටින නිසා පාලක පක්ෂයේ කිනම් අපේක්ෂකයකු අන්ත පරාජය කරනු ඇති...!! ඊළඟ මහාමැතිවරණයෙන්ද පාලක පක්ෂය අන්ත පරාජයක් වනු නියතයි... එසේ නොවුණොත් මේ පින්බිම මහාසමුදුරේ පතුලේ වැළලී යනු සේ පෙනේ...
මෙයාට ඔල්මාදෙ ...
සජිත් හිතන්නෙත් තමුන්ගේ ගැන විතරයි. ඒක ඉක්මනට්ම වැටහේවි. සමහරු තේරුම් අරන් ඉන්නේ මෙයාගේ වැඩ...
උඩරට ඡන්ද නෑනේ මෙයාට ලැබෙන්නේ. මහින්දලට දකුණේ ඡන්ද බහුතරයක් ලැබෙනවා 2005 වගේ සිට. මෙයා කොහොමද දිනන්නේ එතකොට...?
අයියෝ පිස්සුද? සජිත් නම් එපා...
ඇති යන්තම්.. උසේ හැටියට සෙකියුරිටි රස්සාවක් ඉල්ලගන්න පුළුවන් වේවි...!!!
ආ... ඔබතුමියට තිබෙන එකම දැවෙන ප්රශ්නය ඕක වෙන්න ඇති. අනේ අපිට නම් මේ තුන් වේල ගැටගහ ගන්නේ කොහොමද කියලා හිතලාම ඇති වෙලා...
හිටන්ද?
60 පැනපු නාකියන් දේශපාලනයෙන් තුරන් කරමු.
ඒ කියන්නේ ආයෙත් වන් මෑන් ෂෝ ද?
දැන් මේ රටේ මිනිස්සුන්ට වික්‍රමසිංහ, රාජපක්ෂ, සිරිසේන කියන නම් එපා වෙලා.. මොලේ නැති හරක් තමයි ඔවුන් ටික උස්සලා තියෙන්නේ.. හොරකම, වංචාවට විරුද්ධ මිනිස්සු මේ පරපුරවල් තුනම ප්‍රතික්ෂේප කරනවා. හැම කෙනාම කරන්නේ පන්සල් ගානේ ගිහින් අනුන් දෙන මල්වට්ටිය පූජාකරලා, අටපිරිකරයි, පලතුරු වට්ටියයි දීලා ආගමත්, ජනතාවත් රවටන එක... මොවුන්ට එරෙහිව සජිත් සිටිය යුතුමයි. දුප්පත් මිනිසුන්ගේ දුක දැනෙන ඔහු, ම මී ළඟ ජනපති විය යුතුයි. පරපුරක් රජ කරන්න හදන මිනිස්සු කරන්නේ හොරුන්ට අනුබල දීම නොවේද?
අපි, අපේ ඡන්දය දෙන්නේ.. උදේට නැගිටලා.. සිතාසි කියවමින් උසාවි ගානේ රස්තියාදු නොවෙන පුද්ගලයෙකුට පමණයි.. මොන පක්ෂයකින් ආවත් හිටපු හොරෙකුට හෝ ඉන්න හොරෙකුට අපි මේ මව්බිමේ ජනාධිපති වෙන්න අපගේ සහයෝගය නොදෙමු..!
අඩුම තරමේ ළමයි ඉන්න තාත්තා කෙනෙක් රටේ පාලකයා කරන්න ඕනේ... ඒ මනුස්සයා අඩුම තරමේ තමන්ගේ ළමයි ගැන හිතලා රට උගස් නොකර ඉඳියි...
සජිත් මූලසුනේ ඉන්න වෙලාවක එහෙම නොකිය මෙයා වෙන මොනවා කියන්නද ?
මේ අදහස් දක්වපු කිසි කෙනෙක් අවධානය යොමු නොකළ කරණය තමයි ඊළඟට පත් වන ජනාධිපතිවරයා කවුරු වුනත් ඔහුට හෝ ඇයට කිසිඳු විධායක බලයක් හිමි නොවන බව. නියම බලවතා වන්නේ විධායක බලය හිමි කැබිනට් එකේ නායක අගමැතිවරයා. ඒ නිසා සජිත් ඔය ජනාධිපතිකම ගත්තොත් අගමැතිට ඔලුව නමාගෙන නිකම්ම ඉන්නයි වෙන්නේ...
අනේ එහෙමද ආස? ලංකාවේද?
රටට ආදරේ ඇති නීතිය අකුරට රජකරන මානව හිතවාදී මෙන්ම අන් අයටත් ආදරේ ඇති මෝදි තුමාවගේ , තමන්ගේ පරමිපරාවට තැන නොදෙන අවංක අව්‍යාජ ,ජනතාවාදී නිර්මල මිනිසෙක්. තමයි ජනපති වෙන්නඔීන .එසේම යථාවාදී, තථාකාරී ගුණය බොහෝ දුරට ක්රීයාවට නැගියහැකි මිනිසෙක් .