(සුජිත් හේවාජුලිගේ )
මාසයක කාලයක් සංචාරණ සීමා ක්‍රියාත්මකවීමෙන් රටට සිදු වන මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හතළිස් පන් දහස ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. .
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් දිවයින පුරා සංචරණ සීමා පසුගිය මැයි මස 21 වැනිදා සිට පනවනු ලැබීය. එම සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මකවීමට නියමිතය.
සංචරණ සීමා හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට රුපියල් කෝටි 1500 කට අධික මුදලක් අහිමි වන බව කී මුදල් රාජ්‍ය ඇමතිවරයා රට දින දහයක් වසා දැමුවහොත් මේ අනුව අහිමි වන මුදල රුපියල් 15000 කට අධික යැයිද ප්‍රකාශ කළේය.
එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය
රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි පහළොස් ලක්ෂයකි.මේ අනුව එක් දිනක නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි 4100 කට අධිකය .
සංචරණ සීමාව පැණවූවත් රටේ රක්ෂණ ඇතුළු ඇතැම් අංශ මෙම කාල සීමාවේදී ක්‍රියාත්මක වූ හෙයින් දළ දේශීය නිෂ්පාදිතයට දිනකට සිදු වන පාඩුව රුපියල් කෝටි 1500 ක් ලෙස ගණන් බැලිය හැකි යැයි ද කබ්රාල් මහතා කීය.
සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආදායම අඩුවීමෙන් ඔවුන්ගේ ණය ගෙවීමේ හැකියාව හීන වන බව කී රාජ්‍ය ඇමතිවරයා එයද රටේ ආර්ථිකයට විශාල බලපෑමක් බව ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ සංචරණ කාලසීමාවේදී සේවකයන් විශාල පිරිසකට වැඩ නැතුව වැටුප් ගෙවීමට රජයට සිදුවී ඇති බවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපනවීමෙන් සිදුවූ පාඩුවද මීට ඇතුළත් විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදන කලට වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් ඇතිවූ බවත් එදිනෙදා මුදල් උපයාගෙන ජීවත්වූ විශාල පිරිසකටද මේ කාලයේදී ජීවනෝපාය අහිමි වීමෙන් බරපතළ ගැටලූ මතුවී ඇති බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
මෙවැනි පසුබිමක් පවතිද්දී කොරෝනා මර්දන එන්නත් විවිධ ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වීමට සිදුවීමත් නිරෝධායන සහ රෝහල් පහසුකම් සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වීමත් අඩු ආදායම්ලාභීන්ට ආධාර මුදල් පිරිනැමීමට සිදුවීමත් නිසා බරපතළ මූල්‍යමය ගැටළු මතුවී තිබෙන බව කී මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ සියලු කටයුතු ඉටු කරන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට වැටුප් ගෙවමින් සහ පොදු මහජනතාවට අවශ්‍ය සුබසාධන සියල්ල සලසන අතරේදී යයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට බොරු කිව්වත්,දිව බොරු කියන්නේ නැහැ කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි.
කිසිම ප්‍රශ්නයක් නැහැ. මොන ප්‍රශ්න ආවත් රටේ ආර්ථිකය ගොඩ දානවා කියලනේ කිවවේ
කොරෝනා වසංගතය නිසා නැතිවන ජීවිත වල වටිනාකමක් ඇත්තෙම නැද්ද කබ්රාල් මහත්තයෝ...? කොරෝනා පාලනය අවශ්‍ය වෙලාවට නොකළේ ඔබතුමාලා තමයි. අප්‍රේල් 12 වෙනිදා සිට දින 14ක් සංචරණ සීමා දාලා මිනිස්සු ගෙවල්වල තිබ්බා නම් අද සිදුවී ඇති නස්පැත්තිය වෙන්නේ නෑ. අවුරුදු සතියේ කොහොමටත් කර්මාන්ත සහ බොහෝ ව්‍යාපාර වහලා. කැපකරන්න තිබුනේ සතියයි. අද වනවිට ප්‍රධාන කොරෝනා වාහකයා ඇඟලුම් කර්මාන්ත. ඔබතුමාලා ගැන ගලබොඩ ඥානිස්සර හාමුදුරුවෝ ගිය සතියේ අර්ථදැක්වීමක් කළා. ඒක නම් හරියටම හරි...
අනේ මෙයා දන්න ගණන්... රට කන වැඩවලට නම් මෙයා හරි දක්ෂයි...
රටේ ජනතාව ආරක්ෂාකර ගැනීමට සංචරණ සීමාවන් අත්‍යාවශ්‍යයි. එහි තර්කයක් නැහැ. රටේ ජනතාව ආරක්ෂා කරගැනීම තමයි රජයක මුලික වගකීම. කෝටි නොවෙයි ප්‍රකෝටි ගණනක් නොලැබී ගියත් , වියදම් වුනත් රටේ ජනතාවගේ ජිවිත ඊට වඩා බොහෝ වටින බව උගත්, බුද්ධිමත් ,රටට ආදරේ කරන, අවංක පාලකයින් සිටින වාසනාවන්ත රටවල ජනතාව දන්නවා. ඔබ ජනතාවගේ මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කොට කෝටි ගණනක් රටට අහිමි කරද්දී, ඔය ගණනය කිරීමේ හැකියාව තිබුනේම නැතිද...? මට නම් හිතෙන්නේ ඔබ වරලත් ගණකාධිකාරී වරයෙක් ලෙස පෙනී සිටියාට එහෙම නැහැ කියලා... ඔබ ඇත්තම වරලත් ගණකාධිකාරී වරයෙක් නම් කවමදාකවත් මුළු ලෝකයෙන්ම කොන්කර දැමු ග්‍රීසියේ බැඳුම්කරවල රටේ මුදල් ආයෝජනය කරන්නේ නැහැ. පිරමිඩ සුදුව ලංකාවට හඳුන්වාදුන් නිසා මිනිසුන් කි දහසක් තම මුදල් පිරමිඩ සුදුව නිසා අහිමි කරගත්තාද?. මම ආයෙත් කියනවා ඔබගේ වරලත් ගණකාධිකාරී වෘත්තිය ප්‍රශ්න සහගතයි. එංගලන්තයේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයෙන් ඔබගේ සාමාජිකත්වය පිළිබඳව විමසිය යුතුයි...
මෙච්චර අර්බුදයක් තියෙද්දිත් සැපවාහන ගෙන්නන්න ලෑස්ති වුණා නේද? බලන්නකෝ නේ...!!!
මහ බැන්කු සබාපති වෙලා ඉන්න කාලේ කරපු හරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිත දේශපාලුවන් පවුල් පිටින් එකතු වෙලා කරපු මහා පරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කියන්න බැරිතරම්.... සුද්දවන්තයා වගේ කතාව.
කලට වෙලාවට හරි තීරණ කොන්ද පණ ඇතිව ගත්තා නම් ඔහොම වෙන්නේ නැහැනේ. දැන් බොරුවට පොරවල් වගේ ලොරි ටෝක් දෙන්න එපා...!!!
මෙච්චර ආදායමක් තියෙන රටක? ජනතාවට දැනෙන්නේ දැන් බඩගින්න විතරයි.
හෙජින් ගිවිසුමෙන් හා ග්‍රීක බැඳුම්කර වලින් කීයක් රටට අහිමි වුණාද? මේ රටේ මිනිස්සුන්ට සතියකට වඩා දැන් මතක තියෙනවා.
ඔබතුමා දැන් කොච්චර කාලයක් රටේ මූල්‍යය කළමනාකරණය භාරව හිටියද? අද රට තියෙන්නේ කොතැනද? බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් සල්ලි ඉල්ලලා හිඟමනේ යනවා. චීනයට කෑලි උගස් කරනවා. මිනිස්සුන්ට ඔන්ලයින් ක්‍රමයට අරක්කු විකුණනවා බදු හිඟාකන්න. ඔය කියන සංචරණ සීමාවක් රටේ තියෙනවද කියලා පොඩ්ඩක් පාරකට බැහැලා බලන්න. දෙයියනේ කියලා අලුත් විදියකට හිතන්න පුළුවන් මනුස්සයෙකුට ඔය පුටුව දීලා ගෙදර යන්න.
කොරෝනා පාලනයෙන් සර් ෆේල්... !!!
මේවාට විසඳුම් සෙවීමට තමයි තමුන්ලාව පත්කරලා තියෙන්නේ... රට වහගෙන තියෙද්දී පාඩුයි කිව්වට අවුරුදු 70ක් ඇරලා තියෙද්දිත් පාලනය කළේ පාඩුවට නේද? මහජන මුදලින් පඩිගත්තත් තමුන්ගේ රැකියාව හරියට කරලා නෑ නේද අජිත්...?
ඒකත් අපේ කරපිට යයිද
මේවට තමයි කිඹුල් කදුලු කියන්නේ
මේ වගේ බොරු කියන්න එපා
මහත්මයා බැංකු මාර්ගයෙන් අපට කියනවා වගේ ඉතුරු කරන්න... ඔයාලට ඉතුරු කරන්න පුලුවන් කියලනේ ගන්නේ.. රරට කරන්න බැරිනම් ගන්න එපා...
මෝඩ යකෙක්. මුලින්ම සංචරණ සීමා දමා සහ ජාත්‍යන්තර ගමන් නවතා තිබුණා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. මොවුන් රටට මේ විනාශය කරේ හිතාමතාමයි. එය ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති....
එතකොට කියන්න බලන්න වසර 76ක් තිස්සේ රට විවෘත කරලානේ තියෙන්නේ... කොපමණ ප්‍රොෆිට් එකක් ලැබුවද? කෝ ඒ සල්ලි? කා ගාවද? පොඩි මිනිහා ගාව නම් නැහැ හරිද?
රටට ගැලපෙන නිරෝධායන රෙගුලාසි සකස් කිරීමට යෝජනා ටිකක් පහත දැක්වේ. විශේෂඥ මත විමසා නිසි වැඩපිළිවෙලක් සකසාගත හැකියි. සංචරණ සීමා මුවාවෙන් පවත්වාගෙන යන ඇඳිරි නීති ඉවත් කරන්න. මිනිසුන්ට වැඩ කරන්නට ඉඩදෙන්න. ඇඟලුම් කර්මාන්තශාලා වැනි කොවිඩ් බෝකරන මධ්‍යස්ථාන දැඩි නිරෝධායන නීතිවලට යටත් කරන්න. දෛනික වැටුප් ලබන රැකියා කරන කම්කරුවන්ට වැඩකරන්නට ඉඩදෙන්න. ඔවුන් බොහෝදෙනෙකු වැඩකරන ආකාරයෙන් කොවිඩ් බෝවීම සිදුවන්නේ අවම වශයෙනි. වාහන නඩත්තු ආදිය සිදුකරන ස්ථාන විවෘත කරන්න. කිසිවකු හේතුවක් නැතිව ඒවායේ යන්නේ නැත. ගොඩනැගිලි ද්‍රව්‍ය, පොහොර වැනි කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අලෙවිකරන ස්ථාන දැඩි නිරෝධායන නීති යටතේ දිනපතා විවෘත කරන්න. කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ණ නිදහස සපයන්න. සිල්ලර වෙළඳසල්වලට සතියට දින කීපයක් පමණක් විවෘත කිරීමට අවසර දෙන්න. ඒ අනුව, සෑම දිනකම වෙළඳසල් සංඛ්‍යාවක් විවෘතව තබන්න. වෙළෙඳසල විවෘතව තබන දින ඔවුන්ට දොර අසල ප්‍රදර්ශනය කළ හැකිය. ආහාරපාන හා මත්පැන් අලෙවිසල් බැහැරට ආහාර පාන ගෙනයාමට පමණක් අවසර සහිතව විවෘත කිරීමට ඉඩදෙන්න.
නුඹලා ආපු දවසේ ඉඳන් කියන්නේම නැති බැරියාව.. නරකද කරන්න පුලුවන් කට්ටියකට දීලා ඉවත් වෙන එක..?
හෙජිං මගඩියෙයි...සීනි මගඩියෙයි... රටට වෙච්ච අලාභය කීයද?
අර හෙජිං ගිවිසුම තරම් පාඩුවක් නැහැනේ..!!!
රටට විහිළු සපයන්නෝ...
රටට අවශ්‍ය වෙලාවේ සංචරණ සීමා නොදා... අහිමි වුණු ජීවිත වල වටිනාකම උඹලා ගණන් හදන්නේ කොහොමද?. නුඹලාගේ ජීවිත විතරයිද ජීවිත....
ඕක මොකක්ද? රජයට සල්ලි තියෙනවා කියලා නාමල් කිව්වේ. අනික ප්‍රාඩෝ එහෙම ආනයනය කරන්නේ....!!!
ඔබගේ කතාව හරි, හෙජිං ග්‍රීක බැඳුම්කර, ඒවායින් කොපමණ පාඩුද? මේ තත්ත්වය නොවැළැක්විය හැකි වුවද, අරවා එහෙමද? ඔබගේ වැරැදි තීරණ..
රැලි 2කට මුහුණ දීලත් වෙලාවට ගන්න ඕනේ තීරණ නැතිව රටම අමාරුවේ දාපු ඔයාගේ සර්ටම කියන්න පාඩුව පියවන්න කියලා...
වෙන කවුරුත් නැති හින්දා ඊළඟ ඡන්දෙත් පොහොට්ටුවට.. මීට බයියන්...
කොරෝනා සංචරණ සීමාවන්වලින් මුලු ලෝකයටම සිදුවූ අලාභහානි එමටයි. ඒත් රටක් කියන්නේ මේ අලාභහානි අභිබවාගෙන සැලසුම් 02 හා 03 ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට ගමන් කිරීමයි.
ෆේස්බුක් විතරක් නොවේ, මෙතනත් ඉන්නේ ඔක්කොම දන්න විශේෂඥයින් කියලා ප්‍රතිචාරවලින් පේනවා. ආණ්ඩුව බැලන්ස් කරගෙන යනවා.
දූෂිත දේසපාලුවෝ රටට කරපු අලාභය ඊටත් වැඩි. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා ඉවරයි .
මම ඔයාට මැටි ඉබ්බා කියලා කිව්වොත් හරි නේද?