
(සුජිත් හේවාජුලිගේ)
රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් ව්‍යාප්තිය සමාලෝචනය කිරීම සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිත අතර එහිදී එම කොන්දේසි සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කරයි.
දිවයින පුරා සංචරණ සීමා ඉවත් කෙරුණද කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පළාත් අතර ගමනාගමනය තවදුරටත් සීමා කරන බවත් කාර්යාලවලට සේවක සේවිකාවන් සීමාකාරීව කැඳවීමේ තීරණයද එලෙසම පවතින බවත් ඔහු කියයි.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවස්ථාව සලසා දෙන බවද ගුණවර්ධන මහතා අනාවරණය කළේය.
මේ අතර රටපුරා සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පළවී ඇති ප්‍රවෘත්තිය අසත්‍ය බවත් එවැනි තීරණයක් ගෙන නැති බවත් කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්.. නමුත් පළාත් අතර සංචරණ සීමා ලබන 30 වැනිදා දක්වා පනවන්න..
ඒක හොඳයි. කොච්චර දැඩි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක වුනාද කියල අපි දැක්කා...
අන්න අරෙහේ සංචරණ සීමා දික් කරලා
ඊට කලින් ඔයාගෙ කොඳුඇට පේලියට දැඩි කොන්දේසි දාන්න කාගෙ කාගෙත් කීමට එහෙට මෙහෙට නැමෙන්නේ නැතුව ඉන්න කියලා...
මෙයා සංචරණ සීමා ඉවත් කරනවා කියලා අනික් පැත්ත හැරෙනකොට අන්න සංචරණ සීමා 21 දක්වා දික් කරලා. එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට තියෙන බලතල මොනවාද? අනිල් ජාසිංහ මහතා ඉන්න කාලේ නම් එතුමා කොන්ද කෙලින් තියාගෙන තීරණ ගත්තා...
මහත්තයෝ රැවුලයි කැඳයි දෙකක් බැහැ අපි පුද්ගලික ක්ෂේත්‍රයේ වැඩ කරන නිසා දන්නවා. ගොන්නු වගේ නීති දාන්න එපා. දැක්කනේ පහුගිය දවස් ටිකේ ...?
මිනිසුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න නැත්තම් කන්න නැතුව මැරෙනවා
සියලු දෙනාටම එක්වර විවෘත කිරීමත් නොකර, එන්නත් ටික දිලා , ෆුල් ඕපන් එක කරානම් හොඳයි. එතකං රට විවෘත විය යුතුයි. එහෙත් සියලු දේ එකවර නොවේ. ෆාමසි දිනපතා, ආහාර පාන සතියට දින 2ක් සහ අනෙකුත් සියලු සෙවාවන් සඳහා සතියට දිනයක් බැගින්, උදාහරණ වශයෙන් හාර්ඩ්වෙයාර් එකක් කරන මනුස්සයෙකුට දවසක් අඩුම තරමින්, රෙදි බිස්නස් කරන කෙනෙකුට තව දවසක්, මේ විදියට තව මාස 2ක් කරන්න.. අමාරු තමයි ඒත් අපේ ජීවිත දරුවන්ගේ අනාගතය ගැන සිතා, රටත් යම් සුලු ප්‍රමාණයක් විවෘත කරගෙන තමයි යන්නේ වෙන්නේ...
බම්බුව තමයි. මිනිස්සුන්ට ඕනෑ හැටියට පාරේ යන්න නිදහස තියෙනවා අපේ පැත්තේ. කිසි කෙනෙක් බලන්නේ නැහැ....
අනේ මහත්තයෝ.., තවත් ඔතන නිදාගෙන ඉන්න පුළුවන්ද?