(ඉන්දිකා රාමනායක)
මෙරටට පැමිණෙන සංචාරකයන් ආරක්ෂාව තහවුරු කිරීම සදහා සංචාරක පොලිස් ස්ථානය වැඩි වශයෙන් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.
දැනටමත් දිවයින පුරා සංචාර පොලිස් ස්ථාන 15 ක් ඉදිකර ඇති බවත් එය 27 ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා, සංචාරකයින් රැවැට්ටීම් වලින් වලක්වා ගැනීම සදහා, බලෙන් භාණ්ඩ විකිණීම වලක්වා ගැනීම සදහා, අයුතු ලෙස මුදල් ලබා ගැනීමේ ක්‍රියාවන් වලක්වා ගැනීම සදහා, හිංසන, කාන්තා හිංසන හා අපයෝජන වලක්වා ගැනීම සදහා මෙලෙස සංචාර පොලිස් ස්ථාන ඉදිකිරීම සිදුකරන බව ද ඒ මහතා කියා සිටියේය.
සංචාරකයින් කූඨ වෙළෙදුන්, කුළී රථ රියදුරන්ගේ ග්‍රහනය ලක්වට අවස්ථා රැසක් හා, කාන්තාවන් ද නොයෙක් හිංසන වලට ලක්වන අවස්ථාව වරින් වර වාර්තා වු බවත්, සංචාරකයන් වෙනුවෙන් සංචාරක පොලිස් ස්ථාන වැඩි කිරීමෙන් මෙම තත්වයන් වලක්වා ගත හැකි බවද අජිත් රෝහණ මහතා කිීය.
සංචාරකයන් බහුල වශයෙන් සැරිසරණ ප්‍රදේශ වල පොලිස් ස්ථාන ඉදිකරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළයුතු හොඳ දෙයක් ... !!! සංචාරකයින්ට දුම්රියේදී ලැබෙන ආරක්ෂාව නම් අන්තිමයි. දුම්රිය ආරක්ෂකයින් හොරුන්ට බයයි. නිකං යුනිෆෝම් එකටත් ලැජ්ජයි. සිද්ධියකදී හෙමීට මගහැර යනවා. දිනක් මා ගමන් කරමින් සිටි දුම්රියේ දෙවැනි පන්තියේ මා අසලින්ම සිටි විදේශිකයා සතු බෑගය හොරෙකු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේදී හොරෙන් අරන් බැස්සා. විදේශිකයා දන්නේ දුම්රිය ඇද්දාට පසුවයි. ඔහු මහත් සේ කලබල වී සිටියා. පාස්පෝට් එක පවා තිබී ඇත්තේ ගමන් බෑගයේ.ප සුව ඔහු හික්කඩුව දුම්රිය ස්ථානයෙන් බැස්සා. මෙවැනි දේ සිදුවන විට සංචාරකයින් මේ රටට ඒවිද?
දැනටමත් බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අප රටේ ඔෟෂධ හිඟයක් ඇති බවත් ආර්ථික අවපාතයක් ඇති බවත් එරට රජය දැනුවත් කිරීමක් කරලා. විශේෂයෙන්ම ඉන්ධන පෝලිම්වලදීත් මොවුන් ගසාකෑමකට ලක්විය හැකියි. පොදු ප්‍රවාහනය භාවිතයත් ඔවුන් පෙලීමකට ලක් කරන්න ඉඩ තියෙන්නේ ඉන්ධන ප්‍රශ්නය නිසයි. ඇත්තට සංචාරක කටයුතු ඇමතිලා සංචාරකයින් අරගෙන එහා මෙහා යාම නොව එයට අවශ්‍ය පහසුකම් පුරෝකථනය කොට ප්‍රතිපත්ති සැලසුමයි කරන්න තිබ්බේ. එවැනි දෙයක් කිරීමට පශ්චාත් උපාධි තත්වයේවත් ඉන්න ඇමතිවරු ඕනෑ. තමන්ගේ කරට අත දාන ළමයි වඩාගෙන සුරතල් කරන එක ඇමතිකමට සුදුකමක් යැයි සිතන්නේ රටේ ඉන්න අය තමයි.