
(අංජුල මහික වීරරත්න)
සංචාරකයින් ලක්ෂ 25 ක් 2025 වසර වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර එයින් ඩොලර් බිලියන 3.5 ක ආදායමක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අදාල ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා ඉහළ වියදම් සහිත සංචාරකයන් ලක්ෂ 15ක් ආකර්ෂණය කර ගැනීමට දිගුකාලීන සැලසුම් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ අද (14) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් කීවේ වසරේ ඉතිරි කාලය සඳහා සංචාරකයින් ලක්ෂ 8 ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එයින් ඇස්තමේන්තු ගත ආදායම ඩොලර් මිලියන 800ක් බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්.. අපි ගෝටාගෝහෝම් වීදුරු කූඩුවක් හදල ඔහෙවයි ඔහෙගෙ උපදේශකයන්වයි දාල සංචාරකයන්ට ප්‍රදර්ශනය කරන්න ඉන්නෙ " රට කාපු පින් අගමැති විකුනනසිංහ.." කියල බොඩ් එකකුත් ගහල.. එක බලන්න ලොකෙ වටෙන්ම මිනිස්සු එයි ෂුවර් එකටම.. මෙහම ගොබ්බ අගමතියෙක් ලොවෙත් නැ නෙ..
අගමැතිතුමා ඔබට මෙ වැඩේ කරන්ඩ පුලුවන් හැබැයි අනිවර්යෙන්ම ඔක්කෝ ඉස්සරල ලංකාවෙ ඩීසල්, පෙට්‍රල්, ගෑස් ගටලුව නිරාකරනය කරල පාරට බැහල ඉන්න මිනිස්සු ටික ගෙවල් වලට යවන්ඩ. ඊට පස්සෙ සන්චාරකයින්ට ඔන විදිහට ලංකාව වටේ යන්ඩ දෙන්ඩ බාදාවකින් තොරව. තව තවත් ක්‍රිකට් මැච් ටිකක් ගහන්ඩ ලංකාවෙ ගහන්ඩ.