(යොහාන් භාසුර)
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් සමඟ මැසිඩෝනියානු ජාතිකයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (13) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.
බ්‍රසීලයේ සිට පැමිණි මැසිඩෝනියානු ජාතිකයාගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් නවතා පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය සොයාගත් බවත් එම කොකේන් පැකට් හතරකට දමා සුප් පැකට් ආකාරයට අසුරා තිබූ බවත් රේගුව සඳහන් කරයි.
වයස අවුරුදු 54 පමණ වන සැකකරු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව කී රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd