(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්වාදී ප්‍රහාරයෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට ඇති වූ බලපෑම හමුවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සොයාබැලීමට ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත්කරනු ලැබ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(30) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත්කර තිබේ.
මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග, දයා ගමගේ, වජිර අබේවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු එම අනුකමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
කමිටුව අනිද්දා (02) රැස්වීමට නියමිතය.
සංචාරක ව්‍යාපාරය යළි සංවර්ධනය කිරීමේදී හෝටල් ගාස්තු අඩකින් පමණ අඩුකිරීම, මෙරටට එන සංචාරකයින් සඳහා ගුවන් ගමන් බලපත්‍ර සහනදායී මිලකට ලබාදීම, හෝටල්වලට දී ඇති ණයවල පොලී අනුපාත සඳහා මාස 6ක සහන කාලයක් ලබාදීම ඇතුළු සහන රැසක්ද රජය පාර්ශවයෙන් යෝජනා වී ඇතැයි වාර්තා වේ.
සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම පිළිබඳව අද පැවැති කැබිනට් රැස්වීමේදීත් ජාතික ආර්ථික සභාවේදීත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අගමැතිතුමා ලංකාව 2020දී සංවර්ධිත රටක් කරනවා. අපි හැමෝම සහය වෙමු.
ආරක්ෂාව ඇති කරන්න මේ බොරු වලින් වැඩක් නැහැ. ඒ වනවිට සංචාරකයන් ඉබේම නැවත එන්න පටන් ගන්නවා. මේ දක්වා ජනාධිපති විසින් කමිටු කීයක් පත්කර තිබෙනවද? මේ මගින් සිදුවූ දෙයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න කරුණාකර නොදන්නා නිසා අහන්නේ... ස්තුතියි ගොඩක්...
මේක මහා විකාරයක්... හෝටල් ගාස්තු අඩුවැඩි කරන්න රජයට පුළුවන්ද? රජයට ඕනේ නම් පුළුවන් හෝටල්වලින් අයකරන වැට් බද්ද වැනි දෙයක් අඩු කරන්න. අර සීගිරිය, වනෝද්‍යාන වැනි ස්ථාන බලන්න අයකරන ප්‍රවේශපත්‍ර ගාස්තු හරි අඩකින් පමණ අඩු කරන්න. සංචාරකයන්ගේ පහසුව සඳහා ගුවන්තොටුපලේ සිට සංචාරක මර්මස්ථානවලට සුඛෝපභෝගී ශටල් බස් සේවාවක් අරම්බහ කර එම සහන පිළිබඳව යුරෝපේ රටවල ප්‍රචාරය කරන්න. එතකොට සංචාරකයන් ඒවි...
ජෝන් සංචාරක ඇමති. හර්ෂ, මලික්, දයා, එරාන් ආර්ථිකය සහ බිස්නස් ගැන දැනුමක් ඇත. අර්ජුන, වජිර සහ ජනාධිපති මොකක් දන්නවද? සංචාරක කර්මාන්තය ගැන. සම්මුතිය කැබිනට් එකෙන් බාහිරව ගොස්, ඕකට පෞද්ගලික අංශය පිළිබඳ දැනුමක් ඇති බැංකු, සංචාරක කර්මාන්තය, ගුවන් සේවා වැනි වෘත්තිකයන් කිහිප දෙනෙකු දැම්මොත් වැඩක් වේවි. නැත්නම් වන්නේ, ISIS බෝම්බ කරුවන් ගැන, ප්‍රහාරයට කලින් ලැබුණු තොරතුරුවලට කල දේම තමයි. සංචාරක කර්මාන්තය ගැන වාර්තාව කොහේහරි ලාච්චුවකට දමා, සිංගප්පුරුවේ යයි.
පෙරහැර ගියා දැන් කාලයක් යයි.. මම දන්නා අය එන්නේ නැහැ..
සංචාරක ව්‍යාපාරය යළි සංවර්ධනය කිරීමේදී හෝටල් ගාස්තු අඩකින් පමණ අඩුකිරීම, මෙරටට එන සංචාරකයින් සඳහා ගුවන් ගමන් බලපත්‍ර සහනදායි මිලකට ලබාදීම, මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ සංචාරකයන්ගේ ආරක්ෂාවයි. එය තහවුරු කිරීමට සහ වගකීමක් ලබාදීමට රජය සුදානම් විය යුතුය. හිටපු ආරක්ෂක ලේකම්වරයා විදේශ ජනමාධ්‍යයට රටේ ආරක්ෂක තත්වය සහ හෝටල්වල ආරක්ෂාව පිළිබඳව කළ වගකීමක් රහිත ප්‍රකාශය නොකළ යුතුදෙයකි. අගමැතිවරයා පසුගිය දිනවල විදේශ මාධ්‍යවලට පිළිතුරු දෙන ලදී. ලංකාවේ සිදුවූයේ හදිසි ප්‍රහාරයක් නොව ලංකාවේ බුද්ධි අංශවෙත විදේශීය බුද්ධි අංශ තොරතුරු ලබාදී තිබියදීත් සිදුවූ මේ ප්‍රහාරය ලංකාවේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවකි. සංචාරකයන් ලංකාවට පැමිණීමට පෙර එම විදේශ රටවල් සොයා බලන්නේ මේ පිළිබඳවයි. අවුරුදු 30ක ත්‍රස්තවාදය නැතිකළ බව සත්‍ය නමුත් අනතුරු ඇඟවීම් තිබියදීත් ප්‍රබල විනාශයක් නැවැත්වීමට නොහැකිවීම ගැටලුවකි. විදේශීය බුද්ධි අංශ සමග විශ්වාසයෙන් කටයුතු කළහොත් ඔවුන් ලංකාවේ ආරක්ෂක තත්වය ඔවුන්ගේ රටවලට ලබාදීමට කටයුතුකර ලංකාවට යහපත් ප්‍රතිචාරයක් එම රටවලින් ලබාදීමට කටයුතු කරාවි.
පාස්කු ඉරිදා එල්ල වූ ජාත්‍යන්තර ත්‍රස්වාදී ප්‍රහාරයෙන් මෙරටට බලපෑම හමුවේ ලංකාව රටක් වශයෙන් ජාත්‍යන්තර ත්රස්වාදීකණ්ඩායම් සමග දිගුල්කලක් බුද්ධි ක්‍රියාන්විතයන් මෙහෙයවන බොහෝ අද්දැකීම් ඇති ලෝකයේ බලවත් රටවල් සහ ආයතන සමග සමීප සම්බන්ද තාවයක් පවත්වාගෙන යාම කලයුතුමය . . ලෝකයේ බලවත් ( ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, නවසීලන්තය, ඇමරිකාව) ඔවුන්ගේ " ආරක්ෂක සේවා දත්ත" එමරටවල් ආරක්ෂක විශ්ලේෂකයන් විසින් අධීක්ෂණය කරනු ලැබේ "දත්ත" අනෙක් තොරතුරු හුවමාරු කරගැනී. එම රටවල සිටින සෑම පුරවැසියකුම විස්තර ඔවුන්ගේ "දත්ත" බැංකුවේ ඇත. ලංකාවෙත් ආරක්ෂක සේවා දත්ත" ඇතිකල යුතුය. ලංකාවේ " රජයේ ආයතන "ජාතික ආරක්ෂක සේවා දත්ත" ඇතිකර එම ආයතනය දක්ෂ දේශීය විදේශිය පුහුණුව ලැබූ වෙනම විස්වාසනිය ආරක්ෂක අංශයක් ඇති කර අවශ්‍ය ආකාරයට "දත්ත" හුවමාරු කරගත හැකිය. ලෝකයේ වෙනත් රටවල් සමග සීමිත ප්‍රමාණයකට "දත්ත" හුවමාරු කරගත හැකි ආකාරයට තිබිය යුතුය.
වැඩක් කරගන්න ඕනේ නම්, දේශපාලුවන් නොවන, මේ විෂය ගැන මනා දැනුමක් ඇති, මෙම කර්මාන්තයේ නියතු අය පත් කරන්න...... දේශපාලකයන් මෙම උත්සහයේදී අසාර්ථක වේවි..
කර්මාන්තය යථා තත්වයට පත්වන තුරු වැට් බදු සහනයක් දෙන්න. පවතින තත්වය තුල ආණ්ඩුවට බදු අදායමක් ලබාගත නොහැක. යථා තත්වයට පත්වූ පසු නැවත පනවන්න. පවතින තත්වය තුල බුදු අදායමක් නැත.