(ඩයනා උදයංගනී)
සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු වූවන්ට ලබාදී ඇති ණය සහන කාල සීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ඔවුන් වෙත රාජ්‍ය නොවන බැංකු මගින් දී තිබූ ණය සහන කාල සීමාව මාර්තු 31 වැනිදායින් අවසන් වූ බවත්, රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන දී තිබූ කාලය මෙම මාසයෙන් අවසන් වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකිරීමට ද මෙහිදී තීරණය වූ බව කීවේය.
අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේකට සහන කාලයක් කියන්න බැහැ මොකද ඒ වෙනකොට අදාළ හිඟ පොළිය හදලා ණය මුදලට එකතු කරනවා. මේක මටත් වෙලා තියෙන්නේ. ණය බර තවත් වැඩි වෙච්චි එකයි උනේ.