
(අංජුල මහික වීරරත්න)
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය අවධානය යොමු කර ඇත.
සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සහ මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇතැයි අමාත්‍යවරයා කීය.
සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්යෙන් මෙහිදී සාකච්ඡා විය.
ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරක ඍතුව සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්යෙන් සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්තකරුවන් සමඟ ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා අගෝස්තු 1 සිට රටවල් 40 කට ගුවන් තොටුපලේදී නොමිලේ වීසා දෙනවා කියලා කීවාට තවම ලැබුනේ නැහැනේ ? ඔබතුමා ගන්න හොඳ තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීම අවාසනාවක්..., අර ගුවන්තොටුපලේදී සංචාරකයාට රියැදුරු බලපත් දෙන එකටත්, ලාල් ජයවික්‍රම කියන පොහොට්ටු ටැක්සි මාෆියා සංගමේ ලොක්කෙක් විරුද්ධව වැඩ කරනවා.. එයා සුදන්ත තිලකසිරි සමග කරපු මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා... මාෆියා කාරයින්ට බිය වෙන්න එපා.. ඔවුන් හදන්නේ සංචාරකයින් හූරාගෙන කාලා කර්මාන්තෙ විනාශ කරන්න . නොමිලේ වීසා වැඩසටහන ක්‍රියාත්මක කරන්න...
අමුතුවෙන් හදන්නේ ඇයි. හරීන් ප්‍රනාන්දු හදපු සංචාරක ප්‍රවර්ධන කාර්යංශය යොදාගන්නකෝ. ඒකේ වැඩ නිසා තමයි දැන් සංචාරකයෝ වැල නොකැඩී එන්නේ.