
(අංජුල මහික වීරරත්න)
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය අවධානය යොමු කර ඇත.
සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සහ මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇතැයි අමාත්‍යවරයා කීය.
සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්යෙන් මෙහිදී සාකච්ඡා විය.
ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරක ඍතුව සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්යෙන් සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්තකරුවන් සමඟ ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක්විය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක කාර්ය සාධක බලකායක් හදයි
de silva Wednesday, 03 September 2025 02:31 PM
ඔබතුමා අගෝස්තු 1 සිට රටවල් 40 කට ගුවන් තොටුපලේදී නොමිලේ වීසා දෙනවා කියලා කීවාට තවම ලැබුනේ නැහැනේ ? ඔබතුමා ගන්න හොඳ තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීම අවාසනාවක්..., අර ගුවන්තොටුපලේදී සංචාරකයාට රියැදුරු බලපත් දෙන එකටත්, ලාල් ජයවික්‍රම කියන පොහොට්ටු ටැක්සි මාෆියා සංගමේ ලොක්කෙක් විරුද්ධව වැඩ කරනවා.. එයා සුදන්ත තිලකසිරි සමග කරපු මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා... මාෆියා කාරයින්ට බිය වෙන්න එපා.. ඔවුන් හදන්නේ සංචාරකයින් හූරාගෙන කාලා කර්මාන්තෙ විනාශ කරන්න . නොමිලේ වීසා වැඩසටහන ක්‍රියාත්මක කරන්න...
Nishan Thursday, 04 September 2025 04:14 AM
අමුතුවෙන් හදන්නේ ඇයි. හරීන් ප්‍රනාන්දු හදපු සංචාරක ප්‍රවර්ධන කාර්යංශය යොදාගන්නකෝ. ඒකේ වැඩ නිසා තමයි දැන් සංචාරකයෝ වැල නොකැඩී එන්නේ.