(ගයාන් සූරියආරච්චි)
සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17) දා සිට ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවැසීය.
ජී.වී.එස්. ටෙක්නොලොජීස් සර්විස්, අයි.වී.එස්. ග්ලෝබල් සහ වී.එස්.එෆ් වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් යන ආයතන තුන ඒකාබද්ධිත ජාත්‍යන්තර සමාගමක් සමග ගිවිසුම්ගතව ශ්‍රී ලංකාවේ සංචාරය සදහා වීසා ඉල්ලුම් කරන සංචාරකයන් සහ ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනය කිරීම එම ආයතනය මගින් සිදුකරන බව ද ඉලුක්පිටිය මහතා කීය.
ආගමන විගමන පාලක ජනරාල්වරයා ඒ බව පැවැසූවේ අද (18) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉලුක්පිටිය මහතා මෙසේ ද කීය.
‘එම ජාත්‍යන්තර ඒකාබද්ධිත ආයතනය සමග රටවල් 145 ක් එක්ව කටයුතු කරනවා. අපේ රටත් ඒ අතර ඉන්නවා. එම ආයතනය මගින් අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවිය නඩත්තු කිරීම හා විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ වීසා අයැදුම් කිරීම පිළිබදව දැනුවත් කරනවා පමණයි. වීසා අනුමත කිරීම, ගාස්තු තීරණය කිරීම හා ගාස්තු අයකිරීමේ කාර්යයන් සිදුකරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්ත දියුණු වීම කෙසේ වෙතත් එයාලා ලංකාවේ දැනටමත් කරගෙන යන නීත්‍යනුකූල නොවන හොර මගඩි වැඩ තවත් හොඳටම කරගෙන යයි. ලංකාවේ සාරය හූරාගෙන තම රටවල් වලට යවන බව මේ මොලගෙඩි වලට පේන්නේ නැත්ද?
කොහොමත් දැනටත් ආගමන විගමන පරිගණක පද්ධතිය පෞද්ගලික අංශය මගින් නේද ක්‍රියාත්මක කරන්නේ. දෙපාර්තමේන්තුව කරන්නේ දත්ත ඇතුළත් කිරීම පමණයි නේද. ඒ ක්‍රමය අනිත් දෙපාර්තමේන්තුවලටත් කරන්න බැරිද? දේශීය මෘදුකාංග ස්ථාපනය කරන්න හැකියාව තිබෙන ආයතන දැන් ලංකාවේ ඕනතරම්. ඒත් රාජ්‍ය ආයතන ලොක්කෝ ඒවට අකමැතියි. හේතුව ජරාව සහ විදේශ පුහුණුව නොදීම......
ගූගල් එකේ ශ්‍රී ලංකා ඊ වීසා කියලා ගැහුවාම ලංකාවට වීසා දෙන හොර වෙබ් අඩවි ගණනාවක් මතුවෙනවා. මෙව්වාට මොනවා හරි නොකළොත් සංචාරකයෝ මෙව්වාට අහුවෙනවා. ඒ නිසා මේකටත් මොකක්හරි කළ යුතුයි.