IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සඟවා තිබූ පාසල් බස් රථ 80 ක් කඩිනමින් ධාවනයට

 (යොහාන් භාසුර)

රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බස් රථ 80 ක් වසර 7 කට පෙර ආනයනය කළ ද ඒවා මිලදීගැනීමට  අනුමැතිය නොලැබීමෙන් වසර හතක් තිස්සේ ධාවනයට යොදවා නොමැති බවත්  ඒවා හැකි ඉක්මනින් ධාවනයට යෙදවීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් තවමත් එම සමාගමේ පනාගොඩ කර්මාන්තශාලා සංකීර්ණයේ ගාල් කර ඇති මෙම බස් රථ ධාවනයේ යෙදවීමට කැබිනට් අනුමැතිය ද ලබාගත් බව කී අමාත්‍යවරයා බස්රථ වල වර්තමාන වෙළෙඳපොළ වටිනාකමින් අඩකට මෙම බස් රථ ලබා දීමට සමාගම එකඟතාවය ද පළකර ඇති බවද සඳහන් කළේය. 

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම පනාගොඩ පිහිටි අශෝක් ලේලන්ඞ් සමාගමේ මෙරට කර්මාන්ත ශාලාව අද නිරීක්ෂණය කිරිමෙන් පසුව එසේ පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.



අදහස් (8)

සඟවා තිබූ පාසල් බස් රථ 80 ක් කඩිනමින් ධාවනයට

ravin Wednesday, 07 September 2022 04:32 PM

කොහොමද? අවුරුදු 7කට ඉස්සෙල්ලා ආනයනය කළා නම්, 2015 හෝ ඊට පෙර? ඒකාලෙ මෙයා දරපු තනතුර..? අවුරුදු කීයක් පළාත් මන්ත්‍රීද? මෙතෙක් කල් ඔය ආයතනයේ පාලකවරු මොකද කළේ? වී අලෙවි මණ්ඩලේ උදවිය වගේද? අපරාදෙනේ තව වැඩියෙන් ෂෝ පාර දාන්න තිබුණා නේද? 

:       1       21

දිමුත් Wednesday, 07 September 2022 04:56 PM

බුදුඅම්මෝ... වසර 7ක්?

:       0       17

Ruwan R Wednesday, 07 September 2022 05:34 PM

කාටද මේ විහිලු? අවු. 7කට පෙර බස් ගෙනත් තියෙන්නේ. ඩොලර් එකේ වටිනාකම්වල වෙනස බැලුවාම ඇමැතිතුමාගේ සේවය බොහෝම පැහැදිලියි...

:       1       16

පුරවැසියෙක්. Wednesday, 07 September 2022 06:36 PM

මේ රටේ සිදුවන්නේ මොනවද? සිදුවන දේවල් අනුව රට මේ තත්වයකින් හෝ පවතිනවා ඇති...!

:       0       22

Perera Thursday, 08 September 2022 12:12 AM

බහුතරයක් මෝඩයින් ඉන්න රටක ඔහොම තමා.

:       0       3

Bunny Preena Thursday, 08 September 2022 09:28 AM

මොවුන් එකෙක්වත් රටට ආදරේ එව්වො නොවෙයි. අම්ම තාත්තගේ හරි එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික මුදලින් මේ වාහන ගෙන්වලා තිබුණ නම් අවුරුදු 7 ක් තියා අවුරුද්දක්වත් බලා ඉඳීද? භාගෙට හදාපු සහ සම්පූර්ණ කරපු ගොඩනැගිලි කීයක් දැනට අප රටේ දිරාපත්වෙන්න ඇරලා තියනවද? අපරාදෙ මෙහෙම මුදල්.

:       0       3

vernon Thursday, 08 September 2022 11:08 AM

තාක්ෂණික අනුමැතිය නොලැබුනා නම් දැන් ඔය බස් ධාවනය කරන්න හොඳද?එහෙම අනුමැතිය ලැබෙන්නත් කලින් ආනයනය කරලා ඒත් කවුරුවත් වසර 7ක් තිස්සෙ පුද්ගලික අංශෙන්වත් මේවා මිලට ගත්තෙ නැත්තේ ඇයි කියලා කියන්නකො බලන්න.

:       0       1

පුරවැසියා Thursday, 08 September 2022 11:38 AM

තාක්ෂණ කමිටුව අනුමත නොකලේ දෙන්න පොරොන්දු වුණු ගාන බෙදාගන්න මදි නිසා... දැන් කෙලින්ම එතුමාට කුට්ටිය.. බෙදන්න ඕනේ නෑ ඒ හින්දා වැඩක් වෙයි.. ජයවේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site