(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල ලංසිගම මූදුකටුව ඉන්ධන හලේ  සඟවා තිබු පෙට්‍රල් ලිටර් 13000 කට ආසන්න ප්‍රමානයක්  බෙදා දිමට කටයුතු කළ බව මාරවිල පොලිසිය කියයි.

ඉන්ධන ලබා ගැනිමට දින කිපයක් තිස්සේ ජනතාව යතුරු පැදි හා වාහන පෝලිම්වල රඟවා ගනිමින් සිටියදී ලංසිගම ඉන්ධන පිරවුම් හලේ හිමිකරුවන් පෙට්‍රල් නොමැති බවට ජනතාව හා ආරක්ෂක අංශ මුලා කළ බව ජනතාව චෝදනා කරති.

ජනතා විරෝධය හමුවේ පෙට්‍රල් ගබඩා කරනු ලබන එක් භුගත ටැංකියක් පමණක් විවෘත කරමින් පෙට්‍රල් නොමැති බවට ජනතාව මුලා කළ බව කියයි.

අනෙක් ඉන්ධන ටැංකිය දිගින් දිගටම විවෘත නොකළ අතර ජනතා විරෝධය හමුවේ එම ඉන්ධන හලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදාව හා මාරවිල පොලිසියෙ නිළධාරින් එම භුගත ටැංකිය විවෘත කිරීමේදි දැක ගත හැකිව තිබුනේ ජනතාවට නිකුත් නොකරමින් ඒ වන විටත් භුගත ටැංකිය තුල පෙට්‍රල් ලිටර් 13200 කට ආසන්න ප්‍රමාණයක් සගවා තිබු බවයි.

එහිදි ජනතාවගේ දැඩ විරෝධයක් එල්ල වූ අතර යුද හමුදාව හා පොලිසිය මැදිහත් වි භුගත ටැංකිය තුළ තිබු පෙට්‍රල් තොග අවසන් වන තුරු ජනතාවට ලබා දීමට කටයුතු කළ බව මාරවිල පොලිසිය කියයි.