(ඉන්දිකා රාමනායක)
බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි සුපිරි වෙළෙඳක් ඉදිරිපිට සිටින හිඟන්නකු සිඟමන් නොදුන්නැයි උරණ වී තියුණු ආයුධයකින් පහර දී මෙම ආයුර්වේද වෛද්‍යවරයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලඹේ පොතුඅරවා පාරේ පදිංචිව සිටි නිශ්ශංක ගුණවර්ධන (57) නැමැති ආයුර්වේද වෛද්‍යවරයෙකි.
සිද්ධියෙන් පසු යාචකයා පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.
මෙම ආයුර්වේද වෛද්‍යවරයා ඉහත සුපිරි වෙළෙඳ සැලට ගොස් භාණ්ඩ මිළදීගෙන රාත්‍රි 10.00 ට පමණ ඉන් පිටත පැමිණි අවස්ථාවේ සැකකරු ඒ අසල සිට පැමිණ වෛද්‍යවරයාට ස්ටිකර් එකක් අලෙවි කිරීමට උත්සහ ගෙන ඇති බවත්, වෛද්‍යවරයා එය මිළ ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති බවද පොලිසිය පවසයි.
ස්ටිකරය මිළ දී ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකරු සිඟමන් ඉල්ලා වෛද්‍යවරයා පසුපස එමින් සිටියදී වෛද්‍යවරයා අතපය තියනවා නේද , හිඟා කන්නේ නැතිව රස්සාවත් හොයා ගන්නවා යැයි ඔහුට බැන වැදී ඇති බවද පොලිසිය පවසයි.
ඒ අවස්ථාවේ ආයුර්වේද වෛද්‍යවරයා භාණ්ඩ ද රැගෙන ඔහුගේ යතුරු පැදිය වෙත යාමට පදිකවේදිකාවේ ගමන් කරමින් සිටියදී සැකකරු ඔහු පසුපස පැමිණ ඔහු සඟවාගෙන සිටි තියුණු ආයුධයෙන් ඇන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාචක වෙසින් එන මිනීමරුවෝ
යාචක වෙසින් මිනිසුන් ට බොරු කියන , මුදල් මංකොල්ල කන, දැන් ඝාතන කරන මෙවැනි සංවිධානාත්මක අපරාධ කරුවන් වෙළඳසැල් අසල සිටීම සාමාන්‍ය අහිංසක ජනයාට මහත් පීඩාවකි. ඔවුන්ට එම භූමිය තහනම් කිරීමට වෙළඳසැල් අයිතිකරුවන් දැනවත් ක්‍රියාත්මක වනු ඇතැයි සිතමු
අරහේ පොලිසිය දේශපාලුවන් රකිනවා...!
බොහෝ යාචකයින් හෝ යාචක වෙසින් සිටින්නන් ළඟ සඟවාගත් තියුණු ආයුධ තිබෙන බව පෙනෙනවා. මීට සුළු කාලයකට පෙරත් මෙවැනිම සිද්ධියක් වුණා, මට මතකයි. මේ නිසා මොවුන්ව පරීක්ෂා කිරීම කළ යුතුයි...