
(ප්‍රසාද් රුක්මල් )
රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ නිවසකදී අවුරුදු 3 ක් පමණ වයස සිගිති දැරියකට කෲර ලෙස පහරදී ළමා හිංසනය කළැයි සැකපිට මව්පිය යුවලක් අද (1) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද ඌරණිය කහටවාඩිය 13 කනුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මවක සහ 27 හැවිරිදි පියෙකු යැයි පොලිසිය කීය .
මව්පියන් විසින් පහරදීමෙන් තුවාල ලැබු 3 හැවිරිදි සිගිති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මහියංගණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .
සිගිති දැරියකට මව්පියන් විසින් කෲර ලෙස පහරදෙන බවට ලැබුණු තොරතුරක් මත රිදීමාලියද්ද පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම නිවස වටලා මව්පිය යුවල සැකපිට අත්අඩංගුවට ගෙන සිගිති දැරිය පොලිසිය බාරයට ගත් බව පොලිසිය සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd