
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගිවිසුමක් හරහා සමීප ඥාතිවරියකට ලබා දුන් වයස අවුරුදු 4 මාස 7 ක් දැරියක් සැක කටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.
එම සැකකරු වන (මියගිය දැරියගේ පියා) අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු පහට අඩු දරුවකු ගිවිසුමක් හරහා වෙනත් පාර්ශවයකට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර දැරිය හදා වඩා ගැනීමට භාරගත් 45 හැවිරිදි කාන්තාවක් ඇයගේ 19 හැවිරිදි දියණිය සහ 15 හැවිරිදි පුතාද වන බව පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ මාලිගාවත්ත ලක් සෙවන මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් රිෆ්කාන් හායිසා දැරියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd