(සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින් මත්පැන්, සිගරට් සඳහා වැය කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීමට කැප කරන්නැයි මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
එක සිගරට්ටුවක් සඳහා වැය කෙරෙන මුදලින් දරුවන්ට බිත්තර දෙකක් මිලදී ගැනීමට හැකියාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.
ආහාර හිඟය නිසා නියමිත පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන තත්වයක් පවතින හෙයින් දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සීග්‍රයෙන් වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණය ගැන මේ අවස්ථාවේදී මවුපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
වත්ත පිටියේ වැවෙන කොළවර්ග පලාවර්ග මේ අවස්ථාවේදී දරුවන්ට වැඩි වැඩියෙන් ලබා දීමද ඉතා වැදගත් බවත් විශේෂයෙන්ම මුරුංගා කොළවලවලින් පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගත හැකි වන බවත් ඔහු පැවසුවේය.
ආර්ථික අර්බුදය හමුවේ සිය ගෙවත්තේ එළවළු පලා වර්ග වගා කිරීමටද මවුපියන් වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බවද දීපාල් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
මෙරට දරුවන් ගෙන් සියයට දාහතත් විස්සත් අතර සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඒ අතරින් ලක්ෂ හතක් පමණ වයස පහට අඩු දරුවන් බවත් ඔහු පැවසූවේය.
පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කවදාවත් වෙන දෙයක් නොවෙයි.
ඔය හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිව්වට මොකවත් වෙන්නේ නෑ.
අනික් අයට ආදර්ශයක් දෙමින් ඔබතුමාත් මේ අවස්ථාවෙ ජනතාව ගැන සිතා අධික ලෙස අයකරන චැනලින් ගාස්තු සහ රෝහල් ශ්‍යල්‍යකර්ම ගාස්තු අඩු නන්න.
කියල වඩක් නැහැ.. මෙ ලගදි සුපිරි වෙලද සලකින් තරුනයෙක් සිගරට් පකට් එකයි කෙටි කෑමකුයි ගත්ත. පෙනුමෙන් වයස 35ක් පමන විය හකි ඔහු එ වෙලවෙත් වෙලද සැල ඉදිරිපිට තිබුන තෙල් පොලිමෙ හිටි අයෙක් කියල මට හිතුන. සිගරට් පකට් එකට රුපියල් 1800- යි. . . දෙයියනේ.. මෙ වගෙ කලෙක.. රුපියල් 1800 ක් සිගරට් ..පුච්චන්න දවස් බගයක් වත් ගියව දන්නෙ නැහැ. . වෙලද සල දොරකඩ පිනට දෙයක් ඉල්ලන දරු දෙන්නෙක් සහ මව්පිය දෙන්නෙක්.. මට හිතුන දේවල් ලියන්න මෙතන ඉඩ මදි.. අපි මෙහෙම හිතමු. . දුප්පත් පව්ලත් අමතක කරමු.. තෙල් පොලිම් වල වහන වලින් පාර අයිනෙ ගොඩ ගහන හිස් බියර් ටින්. . හිස් සිගරට් පැකට්. . මොකද්ද මෙ රටට මෙ ඊනියා ාලකයො කරන්නෙ?
නූගත් මිනිසුන් සිටින සමාජයක මෙවැනි දෙයක් කිසිදාක සිදුනොවනු ඇත...