IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සිංගර් ශ්‍රී ලංකා “වසරේ ජනතා සන්නාමය”‍ ලබයි

සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව  17 වැනි වරටත් “වසරේ ජනතා සන්නාමය”‍ වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සම්මානය තුළින් සිංගර් ශ්‍රී ලංකා කල්පවතින පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ අත්පත් කරගෙන ඇති පරමාධිපත්‍යය හා විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු වන බව එම සමාගම කියයි.

මෙම අවස්ථාව පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලාංකීය ජනතාව විසින් පිරිනමන ලද මෙම සම්මානය පිළිබඳ අපි නිහතමානීව ආඩම්බර වෙනවා. පාරිභෝගික හදවත්වල අප සන්නාමය කෙරෙහි පවතින විශ්වාසනීයත්වයට මෙම සම්මානය හොඳම උදාහරණයක්. විවිධ කාණ්ඩවලින් භාණ්ඩ හා සේවා සැපයීමෙන් පාරිභෝගික ජීවන රටාව තවදුරටත් උසස් තත්ත්වයට පත්කිරීම අපගේ අරමුණයි”‍

“අපගේ පාරිභෝගිකයන් සිංගර් සන්නාමය කෙරෙහි දක්වන ලද විශ්වාසය හා පක්ෂපාතීත්වය මෙම ජයග්‍රහණයේ රහසයි. ඒ වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතියි පළකර සිටිනවා. SLIM-KANTAR  සම්මාන උළෙලේ 17 වැනි වරටත් “වසරේ ජනතාව සන්නාමය”‍ බවට පත්වීම අපට විශාල ගෞරවයක් හා අභිමානයක්. එසේම දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික ඉල්ලු‍මට සරිලන පරිදි අපගේ සන්නාමය පාරිභෝගිකයන් වෙත රැගෙනයෑමට කටයුතු කරන අපගේ සිංගර් කණ්ඩායමේ කැපවීමට මෙම සම්මානය හොඳම සාක්ෂියයි. ආර්ථිකය යහපත් මෙන්ම අයහපත් කාලවලදී පවා සිංගර් සන්නාමය පාරිභෝගිකයන් සමඟ ඉදිරියටත් නිරතුරුව රැඳිසිටිනවා.” සිංගර් ශ්‍රී ලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවැසීය.

එසේම මෙම සම්මාන උළෙලේදී 17 වැනි වරටත් ”‍වසරේ කල්පවතින පාරිභෝගික සන්නාමය”‍ දිනාගැනීමට ද සිංගර් ශ්‍රී ලංකා සමත් විය.

595



අදහස් (0)

සිංගර් ශ්‍රී ලංකා “වසරේ ජනතා සන්නාමය”‍ ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site