IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සිංගර්, නවතම Honor 90 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

ලෝ ප්‍රකට Honor ස්මාර්ට් ජංගම දුරකථන  ශ්‍රී ලංකාව තුළ ගෙන්වා බෙදාහරින්නා වන සිංගර් සමාගම, නවතම තාක්ෂණයෙන් සමන්විත  Honor නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු  කටයුතු කර ඇත.

චීනයේ අංක 1 ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Honor දැරිය හැකි මිලට මෙරට පාරිභෝගිකයන් අතට පත් කරන නවතම Honor 90 නිෂ්පාදන පෙළ පසුගිය දා නිල වශයෙන් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත නිකුත් කෙරිණි. රුපියල් 149,999/- ක ආරම්භක මිලකට Honor 90 ලබා දෙයි.

සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා නවතම Honor 90 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ පිළිබඳ ව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Honor 90, Honor 90 Lite, Honor X5, Honor Plus සහ Honor X6aයන නවතම ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඉතා සුවිශේෂී, දැරිය හැකි මිල ගණන් යටතේ හඳුන්වා දෙන Honor  90 නිෂ්පාදන පෙළ, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව ඉතා ආදරයෙන් වැළඳගනු ඇති බව මම විශ්වාස කරනවා.”‍

Honor 90 නිෂ්පාදනවල ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි පිටුපස මෙගා පික්සල් 200 ක සංවේදකයක් සමඟ කැමරා තුනකින් සමන්විත වීමයි. මෙම අතිනවීන කැමරා පද්ධතිය  සුපැහැදිලි ඡායාරූප ලබාදෙන අතර, මෙගාපික්සල් 50 ක ධාරිතාවකින් යුත් ඉදිරි කැමරාව සෙල්ෆි ඡායාරූප සඳහා ම සුවිශේෂත්වයක් දරයි.

මෙරට වෙළෙඳපොළේ ඇති වෙනත් ස්මාර්ට් ජංගම දුරකථන  මාදිලි හා සසඳන විට, Honor 90 ඉතා ඉහළ ධාරිතාවකින් යුක්ත වන අතර, X5Plus, X6a සහ H90 Lite යන නිෂ්පාදන පෙළ දේශීය පාරිභෝගිකයන්ගේ විවිධ වූ අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙයි.

595



අදහස් (0)

සිංගර්, නවතම Honor 90 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site