IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සංගීතය අස්සේ ගල් පහරින් ගායකයා රෝහලට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ගීතයක් ගායනා කරමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමන මහතාට බීමත් ප්‍රේක්ෂකයෙකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කොට්ටාව පොලිසිය පවසයි .

නත්තල් උදාව සමරමින් ඉකුත් (24)දා රාත්‍රී කොට්ටාව නගර මධ්‍යයේදී සුප්‍රසිද්ධ වාද්‍ය වෘන්දයක සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි .

ඒ සදහා ආරාධනා ලැබ පැමිණ සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉදුනිල් අන්ද්‍රමන මහතා නිවේදකයාගේ ආරාධනයෙන් වේදිකාවට පැමිණ ප්‍රේක්ෂක‍ෙන් අමතා වචන කිහිපයක් කථා කොට ගීතයක් ගායනා කිරීමට සූදානම් වනවාත් සමඟම ප්‍රේක්ෂකන් අතර සිටි පුද්ගලයකු ගල් ප්‍රහාරයක් වේදිකාව දෙසට එල්ල කර ඇතැයි පැවසේ .

එම ගල් ප්‍රහාරය වේදිකාව ඉදිරිපිට රැඳී සිටි ගායන ශිල්පි ඉඳුනිල් අන්ද්‍රමාන මහතාගේ වම් ඇස අසල නළල ප්‍රදේශයේ වැදී තුවාල සිදුව තිබූ අතර පසුව ඔහු සංවිධායකයන්ගේ මැදිහත්වීමෙන් පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇති බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පැවසේ.

 

 



අදහස් (1)

සංගීතය අස්සේ ගල් පහරින් ගායකයා රෝහලට

fairoos Sunday, 25 December 2022 06:26 PM

මෙහෙමත් කාලකන්නි ඉන්නවනේ. ඕකම පුළුවන්නම් රට වනසන දේශපාකයෙන්ට ගහන්න බැරිද?

:       1       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site