(සුජිත් හේවාජුලිගේ)

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් 2023 වර්ෂයේදී නිසි අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතුවල  ආයෝජනය   කර ඇතැයි   ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

රජයේ නීතිගත සංස්ථාවක කිසිදු මුදලක් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව මිස ආයෝජනය කරනු  නොලැබිය යුතු බව දැක්වේ

මේ  මුදල මෙසේ ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඇත්තේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය මත  බව  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර අධිකාරියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ වූ උපාය මාර්ගික සැලැස්මක් පිළියෙල කර නොතිබූ  බව
ජාතික විගණන කාර්යාලය පවසයි.