(යොහාන් භාසුර)
සෞඛ්‍ය සේවකයන් දීමනාවක් ඉල්ලා සිටීමේ වරදක් නොමැති බවත් එය එසේ වුවද මේ අවස්ථාවේදී එවැනි දීමනාවකට වෙන්කිරීමට මුදල් නොමැති යැයි මුදල් අමාත්‍යංශය පවසන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) පැවසීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අර්ථික යුක්තිය ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද ආරම්භ කළ වැඩවර්ජනය පිළිබඳව කරුණු දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එසේ පැවසීය.
එම වෘත්තිය සමිති වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 ක් ඉල්ලා නොමැති අතර ඔවුන් විවිධ මට්ටම්වලට විවිධ ගණනික් දීමනාව ඉල්ලා ඇති බව කී අමාත්‍යවරයා ලබන අප්‍රේල් මස සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් සිදුවන බව ද කීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනත් පුද්ගලයන් ආදේශ කිරීමේ හැකියාවක් නොමැති බව කී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වර්ජනයට සහභාගි වී සිටින සෞඛ්‍ය සේවකයන්ට රාජකාරිය සඳහා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන්ට විතරක් රුපියල් 35,000 දෙන්න කලින් ටිකිරි මොලෙන් ටිකක් හිතන්න තිබුණා... වෛද්‍යවරුන් විතරක්ද රාජකාරියට පැමිණීමද අත්‍යාවශ්‍ය? රජයේ අනෙකුත් සේවකයන් රාජකාරියට පැමිණීයයුතු නැද්ද? වෛද්‍යවරුන් අවතක්සේරු කරනවා නෙවෙයි, නමුත්, ඔවුන්ට වාහන පර්මිට් එහෙම ලැබෙනවා රාජකාරියට පැමිණීම පහසුකිරීම වෙනුවෙන්. නමුත්, සෞඛ්‍ය සේවයේ සහ රජයේ අනෙකුත් ක්ෂේත්‍රවල මොහොමයක් සේවකයන්ට එහෙමද? හැමදාම, හැම රජයක්ම ටිකිරි මොලෙන් ටිකක්වත් හිතන්නෙ නැතුව ඔහේ වැටුප් හා දීමනා වැඩිකර, සේවකයන් අතර නැවත-නැවතත් වැටුප් විෂමතාවයන් නිර්මාණය කළා. මෙම වර්ජන රජය විසින් ඉල්ලා ජනතාවට සැපයූ දෙයක්....
මෙයා එහම මුදල් නැහැ කියල කිව්වට, බියගමට ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ඉදිකරනවා කියල ඊයේ කැබිනට් මන්ධලය අනුමැතිය දීල තියන්නේ. එහම්නම්, මේකට කොහොමද මුදල් ලැබුනේ? පැය 24ක් ගත වන්නටත් කලින් ආණ්ඩුවේ බොරු අතේ පත්තු වුනා.
මෙයත් දොස්තර නිසා දොස්තරලාට ඇද්දායි කියලා තමයි අපිට පේන්නේ. රාජ්‍ය සේවයේ එක පිරිසකට පමණක් එවැනි විශාල දීමනාවක් දීම අර්බුද ඇති කරවන්නක් බව ඕන මෝඩයෙක්ට තේරෙන දෙයක්!
කට වරද්දගන්න එපා මොවුන්ට දීලා නවතින්නේ නැහැ අනිත් රජයේ සේවකයින්ටත් දෙන්න වෙනවා. එතකොට නගින්නේ වැට් සහ බදු. ඒවා ගෙවන්න අපි තවදුරටත් ලැහැස්ති නැහැ.